spot_img
spot_imgspot_img

කොලේ වසා ගහන “ත්‍රිපිටක පනත”. සම්බුද්ධ ශාසනයට වසර 2500යි. පාලනයට නීති හදන්නේ පැය 06කින්

පුවත්

විදෙස්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කර අනාගත පරම්පරාවට උරුමකර දීම සඳහා යැයි පවසමින් මෙම පනත ඉදිරිපත් කළ ද ඒ සඳහා බොදුනුවන් අතරින් දැඩි විරෝධයක් ද මේ වනවිට මතුව තිබේ.

කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධ විද්වත් කමිටුවක් අගෝස්තු 05 සිට 07 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර මේ සම්බන්ධ උනන්දුවක් දක්වන බාහිර පාර්ශවයන්ට ද තම අදහස් එම කමිටුවට ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

නමුත් ඉදිරිපත් කිරීමට යෝජිත ත්‍රිපිටක පනතේ කෙටුම්පත කිසිම ස්ථානයකින් සොයාගැනීමට හැකියාවක් නැත.

බාහිර පාර්ශවයන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී ඇත්තේ ද අගෝස්තු මස 06 වැනි දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා වූ පැය 06ක කාලයක් පමණි.

වසර 2500ක කාලයක් මෙරට ජන සමාජයේ සහ ආගමික සංස්කෘතික පරිසරය නිර්මාණය කිරීම සඳහා සුවිශාල දායකත්වයක් දැක්වූ බුදු දහම සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සකසන පනතක් සම්බන්ධයෙන් බාහිර පාර්ශවයන්ට අදහස් දැක්වීමට පැය 06ක් වැනි ඉතා කෙටි කාලක් ලබා දීම ප්‍රමාණවත් නැති බව මහා සංඝරත්නයම චෝදනා කරති.

මේ පිළිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටුයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ කෙටුම්පත් කරන ලද පනත භික්ෂූන් වහන්සේලා වෙත ලබා දී ඇති බවයි. අවම වශයෙන් එය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ ලබාගැනීමට නොහැකි. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම බෞද්ධ කටයුතු සම්බන්ධ නිලධාරියකු සිටිය ද ඔවුන් සතුව ද මෙම පනත් කෙටුම්පත නැත.

එසේනම් මහජන අදහස් විමසන්නේ කවර කරුණක් සම්බන්ධයෙන් ද යන්න අතිශය ගැටලු සහගතය.

මේ පිළිබඳ සඳහන් කළ විට ලේකම්වරයා කියා සිටියේ පනත් කෙටුම්පත යම් කිසිවකු විසින් ඉල්ලා සිටින්නේ නම් ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් වසර 2500ක කාලයක් මෙරට සමස්ත සමාජය හා ඒ ආශ්‍රිත සියලු දේ පෝෂණය සඳහා විශාල බලපෑමක් ඇති කළ බුදු දහම, එහි ව්‍යාප්තිය, බෞද්ධ ඇදහිලි සහ වතාවත් කෙරෙහි සෘජුව බලපාන නීති සම්පාදනය කරනු ලබන මෙවැනි අවස්ථාවක දී ජනතා අදහස් දැක්වීමට ඉඩක් නොලැබීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතල ප්‍රශ්නාර්ථයකි.

පුවත්පතක දැන්වීමක් පළ කර සමස්ත රටවාසී ජනතාවට අදහස් දැක්වීම සඳහා පැය 06ක කාලයක් ලබාදීමෙන් එවැනි පනතක් සම්මත කළ හැකි ද යන්න බෞද්ධ ජනතාව ප්‍රශ්න කරති.

ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කර අනාගත පරම්පරාවන්ට උරුමකර දීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගෙන ඒමට කටයුතු කරන බව රජය කීව ද බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහ විද්වතුන් රැසක් ‍ඒ සම්බන්ධව තම අප්‍රසාදය පළ කර තිබේ.

පුවත්පත් දැන්වීම

2 COMMENTS

  1. මෙම පනත කාගේ ඉල්ලීම මත කවුරුන් සකස්කලේද යන්න පැහැදිලි නැත බුදුන් වදාල ශ්රී සද්ධර්මයට හානිකර විකුර්ති ධර්ම දේශනා සමාජ ගත කරන නිසාලු නමුත් ඔය දේශනා අසන්නේ පාසල් හැරගිය තරුණ පිරිස් සහ වැඩිහිටියන් පමණි බුදු දහම උගන්වන කිසිම අවස්ථාවකදීවත් දැනුම විමසන විභාගවලදීවත් ඔය විකුර්ති යයි සඳහන් දහම් කරුණු භාවිත නොවේ එනිසා පනතක් ගෙනෙන්නේ හුඹස් බියකට පත්වූ අයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!