spot_img
spot_imgspot_img

ආදාහනාගාරයට ගෙන ගිය මළ සිරුරක් කරාපිටිය රෝහලට යවා මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි

පුවත්

විදෙස්

නිවසේ දී මියගිය පුද්ගලයකුගේ සිරුරක් නීතියට පටහැනි අයුරින් ආදාහනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර එම දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමට රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි අද (30) සවස පොලිසියට නියෝග කළාය.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනාපීනුවල, වුඩ්ලන්ඩ් වත්තේ පදිංචි ටී.එච්.උපුල් රෝහණ ද සිල්වා නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.

කාලයක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) අළුයම 4.00ට පමණ නිවසේ දී ම මියගොස් ඇති අතර ඒ පිළිබඳ නිවැසියන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කර තිබේ. ඔවුන්ගේ උපදෙස වී ඇත්තේ  සිරුර එම්බාම් නොකර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකරන ලෙසයි.

නමුත් එම උපදෙස් අනුගමනය නොකළ ඥාතීන් දේහය හික්කඩුවේ රුක්මණී මල් ශාලාවට ගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර යළි නිවසට ගෙනවිත් තිබේ. එදිනම සවස 4.00ට මෘත දේහය ආදාහනාගාරයට ගෙන ගිය අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරයාගේ හෝ හදිසි මරණ පරීක්ෂකගේ අනුමැතියක් නොමැතිව ආදාහනය කිරීම ආදාහනාගාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ආදාහනය කිරීමට නොහැකි වූ මෙම මරණය සම්බන්ධයෙන් අද (30) උදෑසන 11.00ට පමණ මියගිය පුද්ගලයාගේ සහෝදරයා වන නිමල් රෝහණ ද සිල්වා ගෝනාපීනුවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් හදිසි මරණ පරීක්ෂකවරියට ඒ පිළිබඳ දැනුම් දෙනු ලැබීය.

දේහය එම්බාම් කර ඇති බැවින් හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මහත්මිය මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමට කටයුතු කළාය.

එම සිරුරෙන් ජෛව සාම්පල ලබාගෙන පීසීආර් පරීක්ෂණයක් කිරීමට ද නියමිතව තිබිණි.

පොලිසිය පවසන්නේ මහේස්ත්‍රාත්වරියට අද (30) සවස කරුණු වාර්තාකළ බවයි. ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එම මරණය සම්බන්ධ මරණ පරීක්ෂණය හදිසි මරණපරීක්ෂකවරියට ම සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!