spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා භයානක තැනක. ආසාදිතව නිවෙස්වල සිදුවන මරණ ගණන වැඩිවෙයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වල සිදුවන මරණ කොරෝනා ආසාදිත බව තහවුරුවීමේ ප්‍රවණතාව යළි වැඩි වී තිබෙන බව රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය දින කිහිපයේ දී කරාපිටිය මෘත ශරීරාගාරයට ලැබුණු මරණ පීසීආර් කිරීමෙන් පසුව ඉන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම පිළිබද අදහස් දක්වමිනි.

ඉරිදා (25) විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා විසින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් මළ සිරුරු 08ක් සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් මරණ 04ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ මරණ බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 04ක් අද (29) පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් ද මරණ 02ක් සිදුව ඇත්තේ නිවෙස්වල බවත් හෙතෙම පවසයි.

ඊයේ (28) දිනයේ කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබුණු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් මරණ 05ක් අතරින් තුනක් ම සිදුව තිබුණේ නිවෙස්වලය.

නිවෙස්වල දී ම මියගොස් අද (29) කොරෝනා ආසාදිත බව තහවරු වී ඇත්තේ යක්කලමුල්ලේ පදිංචි 92 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ රත්ගම පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ මාපලගම පදිංචි 59 හැවිරදිි පිරිමි පුද්ගලයකු ද මියගොස් ඇත.

ඒ අනුව අප විසින් දත්ත ලබාගත් දින තුනක දී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබූ කොරෝනා ආසාදිත මරණ 17ක් අතරින් මරණ 09ක් ම නිවෙස්වල මියගිය අයගේ වීම විශේෂත්වයකි.

“කොරෝනා වසංගතය යළි සෑම ස්ථානයකම පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක දී කොරෝනා නිසා නිවෙස්වල සිටින වයස්ගත සහ රෝගී පුද්ගලයන් මියයනවා. නමුත් ඇතැම් ග්‍රාම නිලධාරීන් සහ මරණ පරීක්ෂකවරු එම සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකර නිදහස් කරනවා. එය වරදක් බව අපට දැන් පෙනෙනවා. වයස්ගතව රෝගීව සිට නිවෙස්වල මියයන පුද්ලයන් පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව තහවුරු වෙනවා. ඉන් පැහැදිලියි නිවෙස්වල මියයන පුද්ගලයන් සෑම කෙනෙකුගේ ම සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බව. නැතිනම් කොරෝනා වසංගතය පාලනය කිරීමේ ගැටලු ඇතිවනවා. මියගිය පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් තමයි නිවසේ ඉන්නේ. අවමංගල්‍යයට එන සියලු දෙනාට ඔවුන්ගෙන් කොරෝනා ආසාදනය වීමට හැකියි.”

‍විශේෂඥ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!