spot_img
spot_imgspot_img

කරාපිටියේ දොස්තර කොරෝන ලෙඩ්ඩු රවටා උම්බලකඩ සම්බල්, තුනපහ විකිණීමට දුන් සහතිකයකින් මුදල් ගරයි

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් කොරෝනා රෝගීන් මරණයෙන් බේරාගැනීමට ඖෂධයක් සොයාගෙන ඇතැයි පවසමින් කරගෙන යනු ලබන මහා පරිමාන ජාවාරම සඳහා උම්බලකඩ සම්බල්, වේලන ලද ඉදිආප්ප, අඹ චට්නි, කුළුබඩු සහ පළතුරු බීම නිෂ්පාදනය සඳහා ලබාදුන් ISO සහතිකයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් තිබේ.

එම ඖෂධය කිසිදු පර්යේෂණයකින් තහවුරු කරගත් හෝ අනුමැතිය ලැබූ නිෂ්පාදනයක් නොවන බව ද අප කර ගවේෂණයන්ගෙන් පැහැදිලි විය.

මෙම ඖෂධය පිළිබඳ මැයි මාසයේ පළමු සතියේ දී ගුණවර්ධන නම් වෛද්‍යවරයා විසින් මව්බිම පුවත්පත මගින් සහ යූ ටියුබ් නාලිකා මගින් විශාල ප්‍රචාරයක් ගෙන යන ලදී. එම අවස්ථාවේ දී ඔහු කියා සිටියේ තමන්ට මෙම නිෂ්පාදනය අළෙවි කිරීම සඳහා ISO 22000 තත්ත්ව සහතිකය ලැබී ඇති බවයි.

නමුත් එවැනි තත්ත්ව සහතිකයක් එම නිෂ්පාදනය සඳහා නිකුත්කර නැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප කළ විමසීමක දී පවසා සිටියේය. නමුත් වෛද්‍ය ගුණවර්ධන වෙනත් පුද්ගලික ආයතනයක නම සඳහන් කරමින් (Bureau Veritas)  එම ආයතනයෙන් තත්ව සහිතකය ලබාගත් බව කියා සිටියේය.

ඔහු පවසා සිටි Bureau Veritas  නමැති ආයතනයෙන් කරන ලද විමසීමක දී අනාවරණය වූයේ වෛද්‍ය ගුණවර්ධන සඳහන් කරන එම ආයතනය ISO තත්ව සහතික නිකුත්කරන ආයතනයක් නොවන බවයි.

ඒ අනුව ඔහු කරන්නේ වංචාවක් බව පැහැදිලි විය.

නමුත් පසුව අපට දැනගන්නට ලැබුණේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදුකරමින් අළෙවි කරනු ලබන මේ ඖෂධය නිෂ්පාදනය කරන පුද්ගලික ආයතනකයට ISO 22000 තත්ත්ව සහතිකය පසුගිය 2021 ජුනි 04 වැනි දින ලැබී ඇති බවයි.

කරුණු පරීක්ෂාකිරීමේ දී පෙනී ගියේ මෙම නිෂ්පාදන ආයතනයට එම තත්ව සහතිකය ලැබීමටත් පෙර පටන් වෛද්‍ය ගුණවර්ධන තම ව්‍යාජ නිෂ්පාදනය සඳහා ISO තත්ව සහිතකය ඇති බව පවසමින් වංචාවක් සිදුකර ඇති බවයි.

වෛද්‍යවරයාගේ ජාවාරම සඳහා ඖෂධයැයි පවසන නිෂ්පාදනයක් බිහිකරන එම ආයතනය Dulina Trading Pvt Ltd ලෙස හඳුන්වන අතර එය අළුත්ගම දර්ගා නගරයේ පිහිටි ආයතනයකි.

එම ආයතනයේ නිෂ්පාදන සඳහා ISO 22000: 2018 තත්ව සහතිකය නිකුත් කර ඇත්තේ Control union inspection (pvt)Ltd නමැති ආයතනයකිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ එම ආයතනය තත්ව සහිතක නිකුත්කිරීමට අවසරය ඇති ආයතනයක් බවයි.

අපි එම ආයතනයට කතා කළෙමු. ඔවුන්ගෙන් මෙම කරුණු පිළිබඳ විමසූ විට එහි විධායක නිලධාරියකු අප සමඟ මෙසේ කීවේය.

“දුලින ට්‍රේඩින් ආයතනයට අපි ISO සහතිකයක් දීලා තියෙනවා. ඒ දිලා තියෙන්නේ වියළන ලද ඉඳිආප්ප, තුනපහ මිශ්‍රණ හෝ කුඩු ලෙස පොලිතීන් පැකට්වල, කවරවල සහ වීදුරු බෝතල්වල ඇසිරීමට, රසකර කිරි, පළතුරු යුෂ, අඹ චට්නි, උම්බලකඩ සම්බල්, මිරිස් මිශ්‍රණ නිෂ්පාදනය කිරීමට පමණක් බවයි. ඒ අනුව Megha caring (pvt) Ltd ආයතනය විසින් Control union inspection (pvt)Ltd නමැති ආයනයකට වෙනත් කාර්යයන් සඳහා ලබාදුන් ISO සහතිකයක් අයථා ලෙස භාවිතා කිරීම නීතිමය වරදක් බව ද ඔහු කියා සිටියේය. මේ පිළිබඳ පරීක්ෂා කර බල ලබා දී ඇති තත්ව සහිතකය ද අවලංගු කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.”

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 13 (අ) වගන්තිය අනුව නිශ්චය කරන ලද ප්‍රමිති හා පරිවිතරවලට අනුකූළ නෙවන යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, සෑදීම, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම සහ යම් සේවාවක් සැපයීම, (ආ) වගන්තියට අනුව සාදන්නා හෝ වෙළෙන්දා විසින් ව්‍යංගයෙන් හෝ අන් ආකාරයින් දෙන ලද ප්‍රතිඥභාරයකට හෝ සහතිකවීමකට අනුකූළ වෙන යම් භාණ්ඩයක් සෑදීම හෝ විකිණීම වරදකි.

මේ අනුව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ඔහුගේ ඖෂධ විකිණීමේ දැවැන්ත ප්‍රචාරය භාරව සිටින රංගන ශිල්පිනිය වන ඖෂධී හේවාමද්දුම සහ ISO තත්ව සහතියක ජුනි 04 වැනි දා ලබාගෙන එය සාවද්‍ය ලෙස භාවිතා කරන සියලු දෙනාම පාරිභෝගික අධිකාරී පනත අනුව ජනතාව නොමග යැවීම හා රැවටීම සිදුකරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 30 වැනි වගන්තියේ ඒ පිළිබඳ මෙසේ දැක්වෙයි.

කිසිම වෙළෙන්දකු විසින් වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් හෝ කරගෙන යාමේ දී, පාරිභෝගිකයා හෝ වෙනත් යම් වෙළෙන්දකු නොමඟ යවන සුළු හෝ රවටන සුළු වූ හෝ නොමඟ යැවීමට හෝ රැවටීමට තුඩුදෙන කවර හෝ ආකාරයක පැවැත්මක නියුතු නොවිය යුතුය.

මේ අනුව පාරිභෝගික අධිකාරියට උදාර සම්පත් ගුණවර්ධන ඇතුළු මෙම ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතී.

එහි නිලධාරියකුගෙන් අප කළ විමසීමක දී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කරුණු සොයාබලන බවයි.

අප විසින් කරන ලද පළමු හෙළිදරව්කිරීම මෙතැනින්

ශ්‍රියන්ත මෙන්ඩිස් මේ හොර ජාවාරමට විකුණා ඇති අයුරු මෙතැනින්

ගුරුවරයකු යැයි කියන චන්දන ජයලත් මේ ජාවාරමට සම්බන්ධ ද ? මෙතැනින්

මෙම නිෂ්පාදනය ව්‍යාජ දෙයක් බවට රුහුණ විශ්වවිද්‍යාලයෙන් කරන ලද අනාවරණය මෙතැනින්

එය අනුමත නැති නිෂ්පාදනයක් බව උදාර සම්පත් ගුණවර්ධනම කියන අයුරු මෙතැනින්

හොර බෙහෙත විකුණන මන්ත්‍රීවරයාත් කොරෝනා එන්නත් විදගත් හැටි මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!