spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව විස්සයි – 20 තරඟාවලිය සමකරයි

පුවත්

විදෙස්

දෙවැනි විස්සයි – 20 තරඟය කඩුළු 04කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලිය 1-1ක් ලෙස සමකරගත්තේය.

ඉන්දීය කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 132ක් රැස්කළ අතර පන්දුවාර 19.4 ක දී ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය සපුරාගත්තේ කඩුළු 06ක් දැවී ගොස් තිබිය දී ය.

ධනංජය ද සිල්වා උප නායකත්වයේ වගකීම මනාව ඉටුකරමින් 07 වැනි කඩුල්ල සඳහා චාමික කරුණාරත්න සමඟ පන්දු 14ක දී ලකුණු 28ක සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

මේ නිසා අද (29) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය තියුණු මුහුණුවරක් ගනිමින් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 133 ක තරම් පහසු ඉලක්කයක් හඹා යෑමේ අවස්ථාව හිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාර කිහිපයේ දී කිසියම් පීඩනයකට හසුකරගැනීමට ඉන්දීය කණ්ඩායම සත්විය.  

18 වැනි පන්දුවාරය අවසානයේ තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි නමුත් එය තරඟය පවත්වාගෙන යෑමට තරම් බාධාවක් නොවීය. කෙසේ වෙතත් අවසන් පන්දු 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් ධනංජය සහ චාමික දෙදෙනා අතරින් චාමික කරුණාරත්නගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත හයේ පහර හේතුවෙන් තරඟය ජයග්‍රහණය පහසුවිය. තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ධනංජය ජයග්‍රාහී ලකුණ වාර්තා කළේය.  පහරක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගය ජය ගැනීම කෙරෙහි වැඩි විශ්වාසයක් මෙම පිතිකරුවන් දෙපළ තුළ ජනිත වූහ.

එක දිගට ලද තරඟ පරාජ 06කට පසු ලබාගත් විස්සයි-20 ජයග්‍රහණය මෙහි වැඩිම ලකුණු ලාභියා වුණු ධනංජය හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 34 කදී  ලකුණු 40 ක්ද චාමික කරුණාරත්න හයේ පහරක් සමඟින් පන්දු 6 කදී ලකුණු 12 ක්ද රැස් කළහ. ධනංජයගේ ඉනිමට තරගයේ වීරයා සම්මානය හිමිවද්දී  ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 31 කදී ලකුණු 36 ක් සහ වනිඳු හසරංග ද පන්දු 11 කදී ලකුණු 15 ක් ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා යම් දායකත්වයක් ලබා දුන් පිතිකරුවෝ බවට පත්වූහ.

කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ දසුන් ශානක වෙනදා මෙන් සම්ප්‍රදායික පන්දු යැවීමෙන් ඔබ්බට යමින් පන්දු යවන්නන් මාරු කරමින් පන්දු යැවීමට පියවර ගනු ලැබීය. එම සැළසුම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5 ක් දවා ගනිමින් ලකුණු 132 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු පන්දුවාර 9 ඇතුළත ශානක පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගැනීම කැපී පෙනුණු අතර එහිදී කඩුලු රකින මිනෝද් භානුක, අවිෂ්ක ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම පමණක් පන්දු යැවීමෙන් වැළකී සිටියහ.

ශ්‍රී ලංකා නායකයාගේ එම උපක්‍රමය හේතුවෙන් කිසිදු ශ්‍රී ලංකා පන්දුයවන්නකුට එරෙහිව සැලකිය යුතු වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීමට ඉන්දීය පිතිකරුවන් අසමත්වීම කැපී පෙණින.

කෘනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් එම නිසා තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකු හුදකලා කිරීමත් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වූයේ විශේෂඥ පිතිකරුවන් පස් දෙනෙකු සමඟිනි. ඒ අතරින් රුතුරාජ් ගයික්වාඩ්, නිතීෂ් රානා සහ දෙව්දත් පඩික්කාල් කෝඩු කාරයන් වූහ.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි නායක ශිකර් ධවාන් සහ රුටුරාජ් ගයික්වාඩ් එක්ව අධි වේගී පන්දුවාර 6 දී ලකුණු 45 ක් ලබාගත්හ. ඉන්දියානු 15 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 2 කට ලකුණු 94 ක් ලබා සිටි අතර අවසන් පන්දුවාර 5 දී ග්‍රහණය තවත් දැඩි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම පන්දුවාර 5 දී ලකුණු 38 ක් පමණක් ලබා දීමට වග බලා ගත්හ. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමත් පන්දු රැකීමත් ඉතාම ඉහළ මට්ටමක පැවැතිණ. පන්දු යවන්නන් අතර අකිල ධනංජය ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23 කට කඩුල්ලක් දවා ගනිමින් කැපී පෙනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!