spot_img
spot_imgspot_img

හමුදා බස් රථයක් සහ කැබ් රථයක් ගැටී කන්තාවන් දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

යුද හමුදා බසයක් හා කැබ් රථයක් පොළොන්නරුව මනම්පිටිය-දළුකනවාඩිය මාර්ගයේ දී අද (29) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවන් දෙදෙනෙකි.

අනතුරට ලක්වූ බසය පොලොන්නරුවේ සිට මනම්පිටියේ නිරෝධායන කඳවුර වෙත කොරෝනා ආසාදිතයන් රැගෙන යමින් තිබූ අතර කැබ් රථය පොලොන්නරුව රෝහලට පිරිසිදු කිරීමේ සේවිකාවන් රැගෙන ගොස් ඇත.

තුවාල ලැබූ කාන්තාවන් තිදෙනාගේ තත්වය ද බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේ එම කැබ් රථයේ 13 දෙනකු ගමන්කර ඇත.

1 COMMENT

  1. කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබයි.

    මෙලෙසමිය ගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක තිදෙනෙක් .

    නිවුස් එක හරියටම මොකක්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!