spot_img
spot_imgspot_img

ඇත්ත මෙන්න – “ඩෙල්ටා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි ?”

පුවත්

විදෙස්

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් වාර්තාවිම තවදුරටත් වැඩි වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ම බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ පහසුකම් මේ වනවිට උපරිම සීමාවට ළඟා වී ඇති බවයි. තවදුරටත් රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් වාර්තා වුවහොත් රෝහල්වල වෙනත් රෝග සඳහා වෙන්කර ඇති ස්ථාන පවා කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ලබාගැනීමට සිදුවීමෙන් බරපතල ගැටලුවක් ඇතිවන බව ඔහු කීවේය.

වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ කොරෝනා ආසාදිතයන් සඳහා අතරමැදි මධ්‍යස්ථාන ඇතුළු ස්ථානවල ඇඳන් 32,000ක් ඇති බවයි. මේ වනවිට ඒවායෙන් භාවිතා කරන්නේ ඇඳන් 24,000ක් පමණි. ඒ අනුව තවත් ආසාදිතයන් 8,000ක් සඳහා ඇඳන් ප්‍රමාණවත් තරම් තිබුණ ද රෝග ලක්ෂණ පෙන්වන සහ ශ්වසන ආධාරක අවශ්‍යකරනු ලබන ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් අවසන්වීම බරපතල ගැටලුවක් බව ඔහු පවසයි.

“කෙනෙකුට පෙනීයන්න පුළුවන් ඇඳන් 8,000ක් තියෙනවා නේද කියලා. නමුත් ඒ ඇඳන්වල ශ්වසන ආධාරක සපයන්න හෝ රෝගලක්ෂණ සහිත ආසාදිතයන් තැබීමට පහසුකම් නැහැ. එවැනි රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් සඳහා රෝහල්වල අපි ඇඳන් වෙන්කර තිබුණො. නමුත් දැන් එවා උපරිම ධාරිතාව ඉක්මවා තිබෙනවා. මෙය බරපතල ගැටලුවක්. දැනට අපිට සමස්ත රෝහල් පද්ධතියේ තියෙන්න් ඇඳන් 80,000ක පමණ ප්‍රමාණයක්. තවදුරටත් රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් වාර්තා වුවහොත් අපිට සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වෙනවා.”

මෙය අපේ ජනතාව හොඳින් තේරුම්ගතයුත් බව හෙතෙම පවසයි. දැනට කොළඹ හා ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවන ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් දරුණු රෝගලක්ෂණ සහිත ආසාදිතයන් බැවින් රෝහල් ධාරිතාව පිළිිබඳ ගැටලුවක් ඇති බව හෙතෙම පවසයි.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරාම වාර්තාවී ඇති බැවින් තවදුරටත් රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තාවිමේ වැඩිවීමට ඉඩ තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!