spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් පිරේ. ඔක්සිජන් අවශ්‍ය සංඛ්‍යාවත් ඉහළට

පුවත්

විදෙස්

මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් බොහොමයක් පිරීයමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහ‍ලේ කොරෝනා වාට්ටු සියල්ල ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව අවසන් වී ඇත. ජාතික රෝහලේ සිටින කොරෝනා ආසාදිතයන් 250ක් පමණ නේවාසිකව සිටිති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සෑම වාට්ටුවක ම කොරෝනා ආසාදිත යැයි සැක හෝ ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් සිටින අතර අක්මීමණ මැලිබන් රෝහලේ ධාරිතාව ද මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා සිටියේ ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.

මේ තත්වය කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් කැපී පෙනෙන ලෙස වැඩිවී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මිට පෙර වාර්තා වූ රෝගීන් අතරින් ශව්සන උපකාරක අවශ්‍ය වූ රොගීන් සංඛ්‍යාව 5% පමණ වූ බවත් දැන් එය 10% දක්වා වර්ධනය වී ඇති බවත් හෙතෙම පසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!