spot_img
spot_imgspot_img

එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා සෑදී කරාපිටියේ දී මරුට

පුවත්

විදෙස්

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ගුරුල්ලවල පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකි. වසරකට පමණ පෙර අනතුරකට ලක්වීම හේතුවෙන් පාදයේ ආබාධයක් නිවසේ සිටි ඔහුට මැයි මස 29 වැනි දා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබිණි. එහි දෙවැනි මාත්‍රාව ජුනි මස 28 වැනි දින අටානිකිත විද්‍යාලයේ දී ලබාදී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ යැයි ලොකුගේ මහතා පවසයි.

මෙලෙස එන්නත්කරණ සම්පූර්ණකර සිටි ඔහුට සෙම ගතිය වැඩිවීම හේතුවෙන් ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව 23 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබිණි.

කරාපිටිය රෝහලේ දී එදින ම කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් හෙතෙම කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් 34 වාට්ටුවේත් අනතුරුව 36 වාට්ටුවේත් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (25) සවස මියගියේය.

මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ද ඔහු තවදුරත් කෙ‍රෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!