spot_img
spot_imgspot_img

ළමයින් කොරෝනාවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙලා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනයවන ළමුන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහ්ලේ අධයක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

ඔහු පවසන්නේ කොරෝනා ආරම්භයේ සිට පළමු, දෙවැනි හා තුන්වැන් රැල්ල ලෙස හැඳින්වූ අවස්ථාවන්වල දී ළමුන් 500ක් පමණ එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි.

නමුත් ගත වූ මාසයක පමණ කාලයේ දී වාර්තා වූ සංඛ්‍යාව 150ක් පමණ බවත් මෙය ළමුන් ආසාදනය වීමේ වැඩිවීමක් බවත් ඔහු පෙන්වාදෙයි. වෛද්‍යවරයා පවසන්නේ මෙහි වැඩිම වර්ධනයක් දක්නට ලැබෙන්නේ පසුගිය සති දෙකක කාලයේ දී බවයි. එම කාලයේ දී‍ රෝහලට පැමිණි 50 දෙනකු ආසාදිත බව තහවුරු කරගෙන ඇති බවත් ඒ අතර මව්වරුක කිහිප දෙනකු ද සිටින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමුන් 100කට පමණක් ප්‍රතිකාර කිරීමේ පහසුකම් ඇති බැවින් එම සංඛ්‍යාවට වඩා වැඩි ළමුන් පිරිසක් වාර්තා වූ විට ඔවුන් වෙනත් රෝහල්කරා යොමුකරන බව විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ළමුන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබා නොදෙන බැවින් ඔවුන්ට කොරෝනා ආසාදනය වීමට ඉඩ නොදී වඩාත් ප්‍රවේශම්කරගැනීම අත්‍යාවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය පෙරේරා කිවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!