spot_img
spot_imgspot_img

කොරෝනා හේතුවෙන් ලිංගික සෙල්ලම්බඩුවලට ඇති ඉල්ලුම වැඩිවෙයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතයත් සමඟ ලොව පුරා ලිංගික සෙල්ලම් බඩු අළෙවිය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එහ නව ප්‍රවණතා සහ දියුණුවක් ද ඇතිවෙමින් තිබෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඒ පිළිබඳ වාර්තාවක් Research Dive විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ලෝකයේ සියලුම ආකාරයේ වෙළෙඳ පොළ සඳහා කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ලිංගික ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ පොළ වඩාත් පුළුල්වීමට, වඩාත් නිර්මාණශීලී වීමට හා වර්ධනය වීමට කොරෝනා වසංගතය ධනාත්මක බලපෑමක් කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

වසංගත කාලයේ පෙම්වතුන් හා පෙම්වතියන්ට හමුවීමට නොහැකිවීම, බිරිඳට හා සැමියාට පවා හමුවීමට නොහැකිවීම හා එක් පුද්ගලයකු ආසාදනය වීම යන කරුණු මෙන්ම ලිංගික සේවා ලබාගැනීමට නොහැකිවීම සහ සම්බන්ධතා පවත්වාගැනීම සඳහා රහසිගත ස්ථාන වෙත යාමට නොහැකිවීම යන කරුණු මේ සඳහා බලපා ඇතැයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මෙලෙස ලිංගික සෙල්ලම් බඩුවලට ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් 2019-2026 දක්වා ඒ සඳහා කරනු ලබන ආයෝජනය ලෙස සඳහන් කර තිබූ ඇමෙරිකන් ඩොලර් 28,931.2 ක මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1,000කින් පමණ ඉහළ දමා තිබේ.

වසංගත කාලයේ මිනිසුන්ගේ අව්‍යතා සපුරාගැනීම සඳහා ලිංගික සෙල්ලම් බඩු නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන සැළසුම් සහ සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබේ.

2021 මාර්තු මාසයේ දී වැඩිහිටි විනෝදාස්වාදය සඳහා කාන්තාවන් උත්තේජනය කළ හැකි ලිංගික සෙල්ලම් බඩු සංවර්ධනය කිරීමට  ‘Teledildonics technology’තාක්ෂණය ද දියත් කළේය.

වසංගත කාලයේ දී ආසියා – පැසිෆික් ලිංගික සෙල්ලම් බඩු වෙළෙඳ පොළ සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණු අතර 2019 වර්ෂයේ සිට 2026 දක්වා වෙළෙද පොළ ආධිපත්‍යය දරණු ඇතැයි ගණනය කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!