spot_img
spot_imgspot_img

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබුණු අය අමාරුවේ. වෛද්‍ය අංශ අනතුරු අඟවයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පිරිසට තවදුරටත් පළමු මාත්‍රාවෙන් ලැබුණු ප්‍රතිශක්තිය ප්‍රයෝජනයක් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී මාසයක් ඇතුළත එහි දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුය යන්න එන්නත නිෂ්පාදනය කළ පර්යේෂකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ නිර්දේශයයි.

ශ්‍රී ලංකාවට එම එන්නත් මාත්‍රා 1,263,000ක් ලැබුණු අතර මුලින් ලැබුණු මාත්‍රා සියල්ල පළමු මාත්‍රාව ලෙස ලබාදීම හේතුවෙන් තවත් 550,000කට පමණ දෙවැනි මාත්‍රාව ලැබී නැත.

ඔවුන්ට පළමු මාත්‍රාව ලැබී දැන් මාස තුනකට ආසන්න කාලයක් ගත් වී තිබේ.

මේ ගැටලුව අප ඇතුළු මාධ්‍ය මගින් වරින්වර අවස්ථා ගණනාවක දී පෙන්වා දුන් අවස්ථාවල දී රජය ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

නමුත් එලෙස එන්නත් වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබුණේ නැත.

ජපානය විසින් මිල දී ගෙන ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගයක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

නමුත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන මාස තුනකට ආසන්න කාලයක් දෙවැනි මාත්‍රාව නොලැබුණු පිරිසට ඉදිරියේ දී එන්නතක මාත්‍රා දෙකම ලබාදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබාගැනීමෙන් පසු සිරුරේ හටගන්නා ප්‍රතිශක්තිය දැන් දුර්වල වී ඇති බව ද වෛද්‍යවරු කියති.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නත් නැති බව ප්‍රකාශ කළ ද කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණ උණවටුණේ දී එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ආරම්භ කළ පොලිස් පරීක්ෂණය ද මේ වනවිට අතරමග නැවතී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!