සරුංගල් නිසා මාස ‍02ක දී ගාල්ලේ මරණ 05ක්. අලුත්ම බිල්ල මවක් සහ දරුවෙක්

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

සරුංගල් ගැන කුඩා දරුවන්ට ඇත්තේ අපූරු ආසාවකි. ඔවුන් පමණක් නොව තරුණයෝ ද වැඩිහිටියෝ ද සරුංගල් යවති. ඒ සරුංගල් යැවීම ලොව බොහෝ රටවල්වල ඉතාමත් ජනප්‍රිය අපූරු කලාවක් බැවිනි

නමුත් එය දැන් එය මාරයාට අතවැනීමක් බවට පත්ව තිබේ.

මාස දෙකක පමණ කාලයක් ඇතුළත සරුංගල් හේතුවෙන් ගාල්ලේ පමණක් ජීවිත 05ක් අහිමිවිය.

මරණ පහට අමතරව තවත් බොහෝ අනතුරු තැන තැන වාර්තා වී තිබේ.

සති දෙකකට පමණ පෙර ගාල්ල අධිවේගී මාර්ග පිවිසුමේ ගිය යතුරුපැදියක ගමන්ගත් තරුණයකුගේ බෙල්ල සරුංගල් නූලකට කැපී ගොස් තිබිණි. දරුණු තුවාලයක් සිදුවුව ද ඔහු ජීවත්වීමට වාසනාව ලද්දේය.

සරුංගල් නිසා පසුගිය මැයි මාසයේ 14 වැනි දා ගාල්ල මකුළුවේ පදිංචි පිය පුතු දෙපළක් සහ අසල්වැසියකු ගොඩනැගිල්ලකින් වැටී මියගියහ.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස පිටිවැල්ල ප්‍රදේශයේ මාර්ගය හරහා වැටී තිබුණු සරුංලයක නූලක යතුරුපැදියක් පැටලීමෙන් එහි ගමන්ගත් මවක් හා කුඩා දරුවකුගේ දිවි අහිමිවුණේ පසුගිය ජූලි 17 වැනි දා රාත්‍රියේ දී ය.

මෙලෙස මියගියේ ගිංතොට පියදිගම පදිංචි සුදුසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනී (34) නමැති දෙදරු මවක් සහ වයස මාස 18ක් වූ හීන්දෙණියගේ අනුක රන්දුල් නමැති ඇගේ බාල පුතණුවන්ය.

“මගේ යතුරුපැදියේ ගියේ. රෑ බෝවෙලා තිබුණා. එකපාරටම මම පාර මැද ඉස්සරහින් ඇස් මට්ටමෙන් වයර් එකක් වගේ දෙයක් දැක්කා.  පුතා හිටියේ ඉස්සරහා ඒක දරුවගේ බෙල්ලේ පැටලෙයි කියලා මම ඒක වම් අතින් අල්ලගත්තා. මගේ වම් අත ඒකට කැපුණා. දරුවත් දැඟළුවා. බයිසිකලේ එකපාරටම පෙරළුණා.” ගුවන් හමුදාවේ සැපයුම් බලකායේ සේවය කරන හීන්දෙණියගේ සුරංග (35) පවසයි.

මියගිය මේනකාත්, සුරංගත් ඉගෙන ගත්තේ ගිංතොට මහා විද්‍යාලයේය. පාසල් වියේ ඇතිවූ ප්‍රේමය මල් ඵල ගන්වමින් ඔවුහු එකම කැදැල්ලකට පිවිසි අතර පුතුන් දෙදෙනකුගේ දෙමහල්ලෝ වූහ.  සැමියා නාවික හමුදාවේ සේවය කරද්දී බිරිඳ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් රැකියාවක් නොකර නිවසේ ම නතර වූවාය.

මාස තුනකට පමණ පෙර මේනකාගේ පියා මියගියේය. දිනපතාම කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැකියාවට ගොස් යළි නිවසට පැමිණෙන සිය සැමියා නිවසට පැමිණි විට ගෝනාපීනුවල සිටින තම මව බැලීයට යාම මේනකාගේ එදින අපේක්ෂාව වූවාය. දරුවන් ද සූදානම් කරගෙන ඔහු පැමිණෙන තුරු ඇය බලා සිටියේ එබැවිනි.

සේවය නිමවා පැමිණි වහාම සුරංග තම බිරිඳත් දරු දෙදෙනාත් සමඟ, ගෝනාපීනුවල බිරිඳගේ නිවසට යාමට පිටත්වූයේය.

යතුරුපැද‍ියේ ඉදිරියෙන් ගමන්කිරීමට හැමදාමත් කැමැත්තක් දක්වන ලොකු පුතා සුපුරුදු පරිදි ඉදිරියෙනි. පිටුපස අසනට බරවූ මේනකා බාල පුතු තම තුරලට ගත්තාය. වේලාව රාත්‍රී 7.30 පමණ වී තිබිණි. ඔවුහු පිටත් වූහ.

කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි සුරංග යන්නේ ඉදිරිය ගැන විමසිල්ලෙනි. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන්කරන විවිධ වාහනවල එළියෙන් සහ ඔහුගේම යතුරුපැදියේ ආලෝකයෙන් පෙනෙන දුර ගැන ඔහු වඩාත් විමසිලිමත් වෙයි.

මේ අතර ඔහු හදිසියේ ම දුටුවේ පාර හරහා යම් කම්බියක් වැනි දෙයක් ඇති බවයි. මෙය කුමක් වුවත් යතුරුපැදියේ ඉදිරියෙන් සිටින තම පුතුගේ සිරුරේ එය පැටලීමට ඉඩ ඇති බව ක්ෂණිකව තේරුම්ගත් සුරංග සිය වමතින් එය අල්ලා පුතුගේත් තම හිසටත් ඉහළින් එසවූයේය.

“මම ඒ වෙලාවේ බයිසිකලේ ගියේ පැයට කිලෝ මීටර 30-40ක් අතර වේගයෙන්. ඒක නිසා මට ඒක අල්ලගන්න පුළුවන් වුණා. මම එය ඔසවනවාත් සමගම මගේ වම් අත ඒක කැපුණා. ඒ එක්කම ඉස්සරහ හිටපු ලොකු පුතා කලබල වෙලා දැඟළුවා. මට බයිසිකලේ පාලනය කරගන්න බැරුවුණා. එහෙමම වැටුණා.”

අනතුරට හේතු වූ සරුංගලය

මහා ශබ්දයක් නගමින් මේ යතුරුපැදිය අනතුරට ලක්වෙද්දී එය දුටු අසළ නිවසක කාන්තාවක් මෙසේ කීවාය.

“බයිසිකලේ වැටිලා. ඒ පිරිමි එක්කෙනා නැගිටලා ආවා. පොඩි පිරිමි ළමයකුත් ආවා. අපි කෑ ගහගෙන එතනට දිව්වා. ගමේ අයටත් කෑ ගහලා කිව්වා. වැටිල හිටපු ගැහැනු කෙනාගේ ඔළුවෙන් ලේ ගොඩක් ගලා යමින් තිබුණේ. කිසිම හැළ හොල්මනක් තිබුණේ නැහැ. ඒ අයියා පොඩි පුතාව උස්සලා ගත්තා. එයාගේ නෝනවත් උස්සලා ගන්න හැදුවා. ඒ බයිසකලේ ආපු පිරිමි කෙනාගේ අත කැපිලා ලේ එනවා. අපි පාරේ යන වාහනයක් නවත්තලා ඉක්මනට තාත්තයි පුතාල දෙන්නයි දාලා කරාපිටිය ඉස්පරිතාලෙට යැව්වා. ඒ ගැහැනු කෙනා එතනම මියගිහින් තිබුණා.”

අනතුර සිදුවූ ස්ථානය

අනතුරට පත්වූ සුරංග පවසන්නේ තමන්ට ඉදිරියෙන් යතුරුපැදියේ වාඩි වි ගිය ලොකු පුතාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි. බිම වැටී සිටි පුතාව ඔසවා ගත් බවත් රැස්වූ පිරිස කෑ ගසා වාහනයක් නතර කර ඔහුත් පුතුන් දෙදෙනාත් ඊට නැංවූ බවත් ඔහු කියයි.

“එයාලා කෑ ගහලා කිව්වා. ඉක්මනට දරුවො දෙන්නා අරගෙන යන්න කයිලා. නෝනව ඊළඟ වාහනේ ඉක්මනට එවන්නම් කියලා. අපේ නෑයෝ කිහිප දෙනෙකුත් කරාපිටිය රෝහලට ආවා. ඒ අය මට කිව්වා මේනකා අනතුර සිදුවූ ස්ථානයේ ම මියගිහින් කියලා. ගොඩක් වෙලා මම ඉස්පිරිතාලේ හිටියා. ඒත් බිරිඳ ගෙනාවේ නැහැ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය සරුංගලය සිය භාරයට ගත්තේය. කහ සහ කළු පැහැති ඉටිරෙදිවලින් සකසා තිබූ විශාල සරුංගලය යැවීමට භාවිතා කර තිබුණෙ සිහින් නයිලෝන් කඹයකි. එය නූලක් නොවේ. ඝනැති නයිලෝන් නූල් කිහිපයක එකතුවකි.

අවසනයේ දී වටිනා ජීවිත දෙකක් අහිමිවීමට මේ සරුංගල් යැවීම හේතුවිය. මෙම ලිපිය ලියන මොහොතවන තරු සරුංගලයේ හිමිකරුවා සොයාගෙන නැත. නමුත් එහි හිමිකරුවා එම ප්‍රදේශයේ ම පදිංචිකරුවකු විය යුතුය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් සරුංගලයක් යවා එය කැඩී ගිය විට නූල ඉවත් නෙකළ එහි හිමිකරුව් මේ ජීවිත දෙකක් අහිමි වූ සිද්ධියට දායක වී තිබේ.

මියගිය මේනකා ප්‍රසාදිනීගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක බී.එම්.ඒ.සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකළ අතර ඇගේ පුතුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ්  ධර්මරත්න මහතා විසින් සිදුකරන ලදී.

අනතුරට ලක් වූ යතුරුපැදිය

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

චීනයෙන් ගෙන්වන කාබනික පොහොරවලින් වගා විනාශ කරන දරුණු බැක්ටීරියාවක් හමුවෙයි

චීනයෙන් මෙරටට ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොරවල වගා විනාශයට හේතුවන දරුණු බැක්ටීරියාවක් අඩංගු බව පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. රසායනික...

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

MOH සුරාසැල් මුද්‍රා තබයි

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව...

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

සජීව විජේවීර විසිනි  “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!