වසර 09කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායම පරාජය කරයි

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 09කට පසු සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් ඊයේ (23) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරඟයෙන් කඩුළු 03ක ජයක් හිමිකරගත්තේය.

අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹයත් මේ ජයග්‍රහණයට මූලික විය.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව මව්බිමේදී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ හරියටම මීට වසර 9 කට පෙර එනම් 2012 වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදී පැවැති තරගය වේ. මහේල ජයවර්ධනගේ එම තරඟයේ දී ශ්‍රී ලංකා පිල මෙහෙයවූයේය.

ඉන්දීය කණ්ඩායම ලබා දුන් ලකුණු 227 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 48 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් දැවී ගොස් තිබිය දී ය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 98 කදී ලකුණු 76 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම වූයේය. එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද අවිශ්ක ප්‍රනාන්දු පිදුම් ලැබීය. ඔහුට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමිනි. භානුක දැවී යනවිට පන්දු 56 කදී ලකුණු 65 ක් ලබා සිටියේය.

එම සම්බන්ධතාවය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම විටෙක කඩුලු 3 කට ලකුණු 194 ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසු වුවත් හර්දික් පාණ්ඩ්‍යා විසින් චරිත් අසලංකව ලකුණු 24 කට දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල තරමක් පසුබැස්මක් පෙන්නුම් කළේය. එය තම වාසියට හරවා ගත් මංගල තරගයට ක්‍රීඩා කළ රාහුල් චහර්, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් ශානකව ද, ඉනිමේ විශ්වාසනීයම පිතිකරුවා බවට පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නගේ කඩුලු ද දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යළි පීඩනය හැරවීමට සමත්වූයේය.

එහෙත් රමේෂ් මෙන්ඩිස්ට එක්වුණු පසු පෙළ පිතිකරු අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළහ. මෙම හඹා යෑමේදී ඉන්දීය කණ්ඩායමේ පන්දු රකිනන් අතින් දිස් වුණු දුර්වල පන්දු රැකීමත් උඩ පන්දු 3 ක් අත හැර දැමීමත් ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය. ශ්‍රී ලංකාව ලකුණු 10 ක් ලබා දී තිබිය දී ඉන්දීය පිල අතිරේක ලකුණු 30 ක් ලබා දී තිබීම ද ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු ‍කළේය.

ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවාර 4 ඇතුළත ලකුණු 35 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර ප්‍රිතිව් ෂෝ සහ සංජු සැම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් වාර්තාවූයේ පහසුවෙන් ම ලකුණු 300 සීමාව ඉක්මවා යනු ඇතැයි ඉඟි පළකරමිනි. 23 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය වර්ෂාව හේතුවෙන් අවසන් කරන විටත් ඉන්දීය ඉනිම කඩුලු 3 කට ලකුණු 147 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මිනිත්තු 100 කට ආසන්න ප්‍රමාදවීමකින් පසු පන්දුවාර 47 කට සීමා කරමින් ඇරැඹි මෙම ඉනිමේ දී  ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජයගේ පන්දු යැවීම කැපී පෙනිණ. ඉන්දීය ඉනිම ලකුණු 225 කදී නිමාවට පත් වන විට වමත් සහ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් බෙදාගෙන සිටියහ.

තරගාවලියේ වීරයා සම්මානයන ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් විසින් දිනා ගනු ලැබීය.

දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ පළමු තරගය හෙට (25) රාත්‍රී  8.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි...

මානව වංශකතාව වෙනස් කළ, බණ්ඩාරවෙල නගරය ලෝකයේ ම අවදානයට ලක්වෙයි

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!