spot_img
spot_imgspot_img

මාධ්‍යවේදියාගේ ඝාතනය රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික කඩතුරාවෙන් වැසී යයි

පුවත්

විදෙස්

ලෝක ප්‍රකට වොෂිංටන් පෝස්ට් පුවත්පත සඳහා සෞදි ඔටුන්න හිමි කුමරු මෙහොමඩ් බින් සල්මාන් විවේචනය කරමින් තිරු ලිපි ලියූ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවකු වන ජමාල් කෂෝගි 2018 ඔක්තෝබර් මාසයේ දි ඉස්තානබුල්හි හි දී ඝාතනය කරන ලදී. මෙම ඝාතනය සිදුවූයේ කොන්සල් ජනරාල් කාර්යාලයේ දී ඔටුන්න හිමි කුමරුට පක්ෂපාතී අය අතිනි. එසේ වුව ද මේ ඝාතනයට ඔටුන්න හිමි කුමාරයා වගකිවයුතු බව කීමට ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරු පවා පසුගාමී බවක් දැක්වීය.

2021 පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාවක දක්වා ඇත්තේ සෞදි අරාබියේ පුරවැසියකු වූ කෂෝගි අල්ලාගැනීම හෝ ඝාතනය කිරීමේ මෙහෙයුම සල්මාන් කුමරු විසින් අනුමත කර ඇති බවයි. කෂෝගි ඝාතනය කරන ලද සෞදි ක්‍රියාකාරිකයන් 04 දෛනා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් යටතේ පසුගිය වසරේ දී එක්සත් ජනපදයේ පැරාමිලිටරි පුහුණුවක් ලබා ඇතැයි ද එක්සත් ජනපද – සෞදි පුහුණු හුවමාරු ව්‍යාපෘති පිළිබඳ වඩාත් දත්ත උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන් කර තිබිණි.

සෞදි ක්‍රියාකාරිකයන් සඳහා පුහුණුව ලබාදුන් එක්සත් ජනපද සමාගම ආකැන්සාස්හි ආරක්ෂක සමාගමක් වන Tier 1 Group පවසන්නේ “මෙම පුහුණුව ස්වභාවයෙන් ම ආරක්ෂාකාරීවන අතර සෞදි නායයන් හොඳින් ආරක්ෂා කිරීම එහි අරමුණයි” යනුවෙනි.

Tier 1 Group හි කොටස් හිමි සමාගමක් වන Cerberus Capital Management හි ජ්‍යේෂඨ විධායක නිලධාරියකු වන ලුවී බ්‍රෙමර් පවසන්නේ ලබාදුන් පුහුණුව ඔවුන්ගේ පසුකාලීන කුරිරු ක්‍රියාවන්ට සම්බන්ධ නැති බවයි.

ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ආරක්ෂක හා බුද්ධි සහයෝගීතා ආරම්භයන් යටතේ සිටින පුද්ගලයින්ට සපයනු ලබන ආයුධ පුහුණුව අනිසි ලෙස භාවිතා කිරීම අධීක්ෂණය කිරීමෙම් යාන්ත්‍රණය් සඳහා ඇති රික්තයක් මෙයින් ඉස්මතු කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) 2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා හයක් සම්මත කරගෙන තිබේ. ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ“මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් සහ වෙනත් ඕනෑම රාජ්‍ය නිලධාරියකු ඉවත්කිරීම සඳහා නිශ්චිත ක්‍රියාදාමයක් තුළ පූර්ණකාලීන පරීක්ෂණ ක්‍රියාවලියක් සංවර්ධනය කිරීම” කරන ලෙසයි. නමුත් සෞදි අරාබිය මෙවැනි කරුණුවලින් නිදහස් කර තිබේ.

නිරවුල් කිරීමේ ක්‍රියාවලීන් මගින් මානව හිමිකම් නැවත නැවත උල්ලංඝනය වීම වළක්වා ගත හැකි අතර වගවීම ශක්තිමත් කිරීමට ද හැකියාව පවතී.

එමගින් සිදු නොවන දෙය නම් දඬුවම් නොලැබීමේ සංස්කාතියක් ප්‍රවර්ධනය කරන අපරාධවලට දඬුවම් කිරීමයි. එවැනි අපරාධවලට ද දඬුවම් ඉල්ලා සාමාන්‍යයෙන් හඬ නගන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෞදි අරාබිය විසින් කෂෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කර ඇත. මෙය තෙල් සම්පතින් පොහොසත් රටක ආර්ථික බලය හේතුවෙන් සිදුවන්නක් ද ?

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය හේතුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ඇතිවන අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අතිරේක කාරණයක් බවට පත්වෙයි. ජීවත්වීමේ අයිතිය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ පුද්ගලික, දේශපාලන හා ආර්ථික නිදහස, නිදහස යන ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලවත් ජාතීන්ගේ දේශපාලන හා ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපා ඇති බව රහසක් නොවේ. පලස්තීනයේ සිදුවෙමින් පවතින දේ, ඉරාකයේ සදාම් හුසේන්ට සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆි ට සිදුවූ දේ මේ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ලෙස සැළකිය හැකිය.

මැදපෙරදිග කලාපයේය ඔවුන්ගේ දේශපාලන හා ආර්ථික අවශ්‍යතා ආරක්ෂාකර ගැනීම සඳහා එක්සත් ජනපදය හා සෞදි රජයන් එකිනෙකාට අවශ්‍ය වන්නේ විශේෂයෙන් ඉරාන බලපෑමට එරෙහිවය. කලාපය තුළ සිය ආධිපත්‍යයට සහ උපාය මාර්ගයට අභියෝග කරන එකම රටවන එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සෞදිය භාවිතා කරන අතර සෞදි රජය කාලපීය  නායකත්වය සඳහා ඉරානයට එරෙහිව සටන් කරයි. මීට අමතරව, සෞදි හමුදාවේ යුදමය ශක්තිය දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග ගැටලුවලින් ප්‍රයෝජන ගත් එක්සත් ජනපද ආයුධ වෙළෙඳාම මත දැඩි ලෙස රැඳී පවතී.

ඉරානය සෞදි අරාබියට මෙන්ම එක්සත් ජනපදයට ද ගැටලු සහගත දරුවෙකු වන අතර කලාපයේ එක්සත් ජනපද යුදමය අවශ්‍යතාවන්ට අභියෝග කරන එකම රට වට පත්ව ඇත. එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් 2020 ජනවාරියේ ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී ජෙනරාල් කස්සෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් පසු ඉරානය පළිගත්තේය.

කලාපයේ අයිඑස්අයිඑස් එරෙහි එක්සත් ජනපද සටනට සහාය දැක්වීමේ ප්‍රධාන චරිතයක් ලෙස සොලෙයිමනී ප්‍රසිද්ධ විය. සිරියාවේ සහ පලස්තීනයේ එක්සත් ජනපද හමුදාමය අවශ්‍යතා ද ඉරාන ගැති සටන්කරුවන් විසින් අභියෝගයට ලක් කරනු ලැබේ. චීනය හා රුසියාව සමග දෘෂ්ටිවාදාත්මක ගැටුම් නොතකා එක්සත් ජනපදයේ බලපෑම පාලනය කිරීමේ චීන හා රුසියානු අභිලාෂයන් අනුව යමිනි. එක්සත් ජනපදය-සෞදි සන්ධානය හා එක්වීමට ප්‍රබල සාධකයක් කරගෙන ඇති යේමනයේ සිදුකරන සවුදි හමුදාමය කටයුතුවලට ද ඉරානය දැඩි අභියෝගයක් කරයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය 2017 මැයි මාසයේ දී ඩොලර් බිලියන ගණනක අවි ගනුදෙනුවක් සඳහා සෞදි අරාබිය සමඟ එක්වූවේය. එය ඇමෙරිකාවේ මාධ්‍ය වාර්තා කළේ “ලොව විශාලතම තෙල් අපනයනකරු සමඟ දශක ගණනාවක් තිස්සේ පැවැති සම්බන්ධතා ශක්තිමත් කරන” අවස්ථාවක් යනුවෙනි.

ඩොලර් බිලියන 350 ක් වසර 10 ක් තුළ අදියර වශයෙන් සිදුවන මෙම ගනුදෙනුවට අදාලය. එහි දී ඩොලර් බිලියන 110 ක් වටිනා අවි හුවමාරුව වහාම ක්‍රියාත්මක වන අතර එය දෙරට අතර “ආරක්ෂක සම්බන්ධතාවයේ සැලකිය යුතු ව්‍යාප්තියක්” ලෙස ධවල මන්දිරය එම කාර්යය පැසසුමට ලක් කළේය.

මෙවැනි සන්දර්භයක් තුළ සෞදි ක්‍රියාකාරිකයන්ට එක්සත් ජනපදයේ ම පැරා මිලිටරි පුහුණුවක් ලබා මාධ්‍යවේදියකු ඝාතනය කිරීම ඉතා පහසු කරුණක් වන අතර එය අවසර පත්‍රයක් ලෙස ද සැළකිය හැකිය. සවුදි කුමරුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය ට්‍රම්ප් පාලනයේ දී විවේචනයට ලක් වූ නමුත්, ඔහුගෙන් පසු බලයට ආ ජෝ බයිඩන් සෞදි කුමරු ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබේ.

සෞදි ක්‍රියාකාරීන් එක්සත් ජනපදයේ පැරාමිලිටරි පුහුණුව ලබා මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට පහසු මාර්ගයක් ලැබී තිබේ. මෙම ඝාතනයෙන් සවුදි කුමරු පහසුවෙන් බේරී යෑම ට්‍රම්ප්ගේ විවේචනයට ලක්විය. නමුත් ඔහුගෙන් පසු බලයට පත් වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න්, සෞදි කුමරු ආරක්ෂා කිරීමට කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නොමැත. 

2021 පෙබරවාරියේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, සවුදි කුමරුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම, ‘එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රිකව මින්පෙර සිදුනොකළ දෙයක්’ යැයි බයිඩ්න් පැවසීය. එය වැඩිදුර පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ඝාතනයට එම සෞදි සංවිධානයේ සියලු දෙනාම වගකිව යුතු බවයි – නමුත් ඔටුන්න හිමි කුමාරයා නොවේ, මන්ද අප සමග සහයෝගයෙන් කටයුතු කරන රටක් සම්බන්දව මා කිසි විටෙකත් නොදැන සිටින දෙයක් ප්‍රකාශ කළ නොහැකි බැවිනි.  වැඩබලන රාජ්‍ය නායකයාට ද දඬුවම් කර ඔහුව නෙරපා හැරීමට බයිඩන් කටයුතු කළේය. බිඩෙන් සඳහන් කරන සහයෝගය, ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි. එය මාධ්‍ය නිදහසේ මූලධර්ම නොතකා කටයුතු කිරීමට තරම් ශක්තිමත් එකකි. 

නිදහස් ලෝකය හඬ නඟන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ චීනය හා රුසියාව තුළ මාධ්‍යවේදියෙකුට පහර දුන් විට පමණි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ලිපියේ මුල් පිටපත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!