spot_img
spot_imgspot_img

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

පුවත්

විදෙස්

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා සෛල ජෛව විද්‍යා එක්කයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර විසිනි.

ඔහු දෙරණ නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පිළියන්දල ඇඟළුම් කර්මාන්තශාලාවේ පීසීආර් පරීක්ෂණ 20ක් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන් සිදුකර අතර ඉන් 05ක් ඩෙල්ටා ප්‍රභේදයවන බවයි.

ඔහු වැඩිදුරටත් එහි දී මෙසේ ද කීවේය.

“පිළියන්දල ඇඟළුම් කර්මාන්තශාලාවේ සාම්පල ටික හමුවුණේ අපේ විද්‍යාගාරයට. අපිට පීසීආර් පරීක්ෂණයක් ආවට පස්සේ හැම එකක්ම ජාන විශ්ලේෂණය කරන්න බෑ. අපි කරන්නේ එන සාම්පලවලින් බොහෝමයක් ඒවා අරන් පරීක්ෂා කරනවා. එතකොට අපිට දළ වශයෙන් හොයා ගන්න පුළුවන් තියෙන ප්‍රභේද මොනවාද කියලා. එලෙස සොයා ගත් ඒවා තවදුරටත් තහවුරු කිරීමක් කරන්න පූළුවන්. ජාන අනුක්‍රමික විශ්ලේෂණය මඟින්. කැස්බෑවේ හඳුනාගත් සැක සහිත රෝගීන් 5දෙනා අපි සොයාගෙන ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ගේ තහවුරු කිරීම ඉදිරි දින කිහිපයේ දී සිදුකරනවා. දැනට සැකයක් තමා තියෙන්නේ. පසුගිය කාලයේ අපි සැක කරපු සියල්ලම ජාන අනුක්‍රමික විශ්ලේෂණ මඟින් තහවුරු වුණා සියයට සීයක්ම.”

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි පිළියන්දල ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ප්‍රභේදය බවට 120 දෙනකු හඳුනාගෙන තිබේ. ආචාර්ය ජීවන්දර පවසන්නේ ඒ අතරින් තමන් පරීක්ෂාකළ සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා ආසාදිතයන් විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම කර්මාන්තශාලාවේ පුද්ගලයන් 186ක පිරිසකගේ පීසීආර් පරික්ෂණවලින් 120 දෙනකු ආසාදිත බව හඳුනානෙ ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ වෙනත් කතාවකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ එම සාම්පල ඔවුන් විසින් ජයවර්ධනපුර විශ්වවිදයාලයට යොමුකර තිබෙන බවයි. ඩෙල්ටා බවට සැක සහිත ආසාදිතයන් 10 දෙනකු මේ වනවිට වාර්තා වී ඇති බවත් ජාන අනුක්‍රමික විශ්ලේෂණ ප්‍රතිඵල ලැබීමට සති දෙකක කාලයක් ගතවන බවත් එතෙක් නිවැරදිව ඒ ගැන කිව නොහැකි බවත් හෙතෙම පවසයි.

මේ පිළිබඳ විමසූ විට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිතියක ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විවිධ වචන හරඹ කරමින් තමන්ගේ සිත රවටා ගන්නා බවිය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ 05 දෙනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සෘජුව කියද්දී වෙනත් කතා කියමින් සති දෙකක් සෞඛ්‍ය බලධාරීන් කල් ගැනීමෙන් සිදුවන්නේ ජනතාව අමාරුවේ වැටීමක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් දෙරණ නාලිකාව විකාශ්‍ය කරන ලද පුවත පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!