spot_img
spot_imgspot_img

මහින්දගේ අගමැති සිහිනය සැබෑ කළේ ගුරුගේ මුදලාලි ද ? (වීඩියෝ)

පුවත්

විදෙස්

අගමැති ධූරය ලබාගැනීම සඳහා හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලාගේ සහය තමන්ට ලබාදෙන ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා ජනාධිපතිව සිටිය දී ඉල්ලා සිටි බව ගුරුගේ දේපොළ වෙළෙඳාම් අධිපති ධනවර්ධන ගුරුගේ හෙළිකදරව් කර තිබේ.

ඔහු මේ බ පවසන්නේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ Meemasso Tv නමැති Youtube නාලිකාවේ සංවාදයකට එක්වෙමිනි.  

හෙළ උරුමය පිහිටුවීමට තමන් මූලික වී කටයුතු කළ බැවින් එවකට විපක්ෂනායකව සිටි මහින්ද රාජපක්ෂ තමන් හමුවට පැමිණ හෙළ උරුමයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ, හෙළ උරුමයේ සහාය ගතහැකි අගමැතිධූරය දෙන බව ජනාධිපතිනිය පවසා තිබීම හේතුවෙන් බවත් ධනවර්ධන ගුරුගේ සිහිපත් කරයි.

එදා මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබාදීමට උදව්කළ ගුරුගේ අද එක්සත් ජාතික පක්ෂයේ බියගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

මේ ඔහු සමඟ සිදුකළ සාකච්ඡාවේ වීඩියෝ පටයයි.

මෙහි අන්තර්ගතය Meemasso Tv සතුය. අප කරනු ලබන්නේ උපුටා ගැනීමක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!