spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන් විය.

දිනයේ සමස්ත පිරිවැටුම විශාල අගයක් වූ අතර එය රුපියල් බිලියන 4.9කි. දිනයේ වැඩි වශයෙන් ගනු දෙනු වූ කොටස් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1238යි, LOLC සමාගම රුපියල් මිලියන 426යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 359ක් ලෙස මූලික විය.

දිනයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම රුපියල් මිලියන 491ක් වූ අතර මිල දී ගැනීම රුපියල් මිලියන 49ක් විය. ඒ අනුව දිනයේ ශුද්ධ ලෙස රුපියල් මිලියන 442ක කෙටස් විදේශ ආයෝජකයන් විසින් විකුණා දමා ඇත.

විදේශීය ආයෝජකයන් විසින් ‍කොටස් විකුණූ සමාගම් අතර කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 306.6ක්, ටෙක්සටර්ජර්සි සමාගම රුපියල් මිලියන 76.5යි, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 39.2ක් වශයෙන් ප්‍රධාන විය. විදේශීය ආ‍යෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සීඅයිසී සමාගම රුපියල් මිලියන 10.4යි, හේලීස් සමාගම රුපියල් මිලියන 9.5යි, මෙල්ස්ටාක්‍රොප් සමාගම රුපියල් මිලියන 4.9ක් ලෙස මූලික විය.

2021 වර්ෂයේ ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් අතුරින් වැඩිම වර්ධනයක් අත්පත් කරගත් කොටස් වෙළෙඳ පොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉදිරියෙන් සිටියි.

විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම කොළඹ කොටස් වෙළෙඳ පොළ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර 2021 වර්ෂයේ ඊයේ දිනය දක්වා විදේශීය ආයෝජන පිටතට ගලායාම රුපියල් බිලියන 32.03ක් වූ අතර කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.6ක් ඉක්මවා තිබේ.

දැනට පවතින ගෝලීය තත්ත්වය අනුව භාණ්ඩ හා සේවා අපනයනය මගින් ආදායම් උපදවන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර ඉතා කෙටි කාලසීමාවක් තුළ මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තා කළ සමස්ත මිල දර්ශකයේ ඉහළම අගය ඉක්මණින් වාර්තා කරනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත් ප්‍රතිපාදනවලට අනුකූළ නොවන ලෙස කටයුතු කිරීම හේතුවෙන් යුනියන් බැංකුවවෙත රුපියල් මිලින 02ක දඩ මුදලක් ද ඩීඑෆ්සීසී බැංකුව වෙත රුපියල් මිලියන 01ක දඩ මුදලක් ද 2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පනවා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!