spot_img
spot_imgspot_img

නීති නොතකා අළුත්කඩේ උසාවියේ රස්සාවට යන දකුණේ වැසියෝ

පුවත්

විදෙස්

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත එහි කාර්ය මණ්ඩලය ගාල්ලේ සිට රැගෙන යාමට යොදා ඇති බස් රථයේ කිසිදු නිරෝදායන නීතියක් හෝ ආරක්ෂාවක් නොමැති බව බසයේ ගමන්කරන අධිකරණ කාර්ය මණ්ඩලයම පෙන්ව දෙයි.

මෙහි නිරෝධායන නීතියක් හෝ අවම වශයෙන් මෙරට වලංගු සාමාන්‍ය ප්‍රවාහන නීතියවත් ක්‍රියාත්මක වන්නේ නැත.

ඝාතනය කිරීමට රැගෙන යන කුකුලන් මෙන් අධිකරණ කාර්ය මණ්ඩලය පටවාගෙන ගාල්ලේ සිට කොළඹ අලුත්කඩේ දක්වා ධාවන මෙම බසයේ සමාජ දුරස්ථභාවයක් ආරක්ෂා කිරීමට කිසිදු ඉඩක් නැත. එමෙන් ම සාමාන්‍ය මගී ප්‍රවාහන බසයක් රැගෙන යා හැකි මගීන් ප්‍රමාණය පිළිබඳ නීතියක් ඇතත් මේ බස් රථයට එවැනි නීතියක් අදාල නැත.

මේ ආකාරයෙන් මෙරට සාමාන්‍ය ප්‍රවාහන නීතියත්, නිරෝධායන නීතියත් කඩකරමින් රැගෙන යන්නේ මෙරට නීතිය සුරැකීමට ඇති ඉහළම ස්ථානයේ ද සේවය කරන කාර්ය මණ්ඩලයයි.

මෙහි යන කාර්ය මණ්ඩලය පවසන්නේ බෙන්තර හා අලුත්ගම පළාත් මායිමේ ඇති ප‍ොලිස් මුරපොළේ නිලධාරීන් බසය නවතා රියදුරාට හා කොන්දොස්තරවරයාට දෝශාරෝපණය කරයි. එම අවස්ථාවල දී පොලිස් නිලධාරීන්ට පින්සෙණ්ඩු වෙමින් ඔවුන් බේරාගන්නේ ද මෙහි ගමන් කරණ අධිකරණ නිලධාරීන් විසිනි.

අධිකරණයේ කාර්යාල නිලධාරීන් පවසන්නේ කොරෝනා වසංගතය හමුවේ රජයේ කාර්යාල සඳහා කැඳවන සේවකයන් සීමා කරන්න යැයි රජයේ චක්‍රලේඛ පවා නිකුත් කර තිබුන ද අදිකරණ කාර්ය මන්ඩල පරිපාලනය කරන ඉහළ බලධාරීන් ඒවා අනුගමනය නොකරන බවයි. මේ නිසා ශ්‍රී ලංකාව පුරාම උසාවි කාර්ය මණ්ඩල මෙවැනි අවදානමකට මුහුණ දී සිටින බව ද ඔවුහු කියති.

මේ පිළිබඳ පියල් රංජන් ළමාහේවා විසින් තැබූ සමාජ මාධ්‍ය සටහන පහතින් දක්වා ඇත.

මේ තමයි ගාල්ලෙ ඉඳලා අලුත්කඩේ දක්වා ධාවනය වන , අධිකරණ කාර්‍ය්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථය (පහත ඡායාරූප බලන්න) . මේ ඇතුලේ ඉන්නේ ෆාම් කාරයා මස් කඩේට ගෙනියන බ්‍රොයිලර් කුකුල්ලු වත් , හරක් හොරු මස් කඩේට ප්‍රවාහනය කරන හොර හරක් වත් නෙවෙයි ….. රාජකාරියට යන උසාවි කාර්‍යය මණ්ඩල නිලධාරීහුයි . 🤬🤬🤬 .. ! බලන්න , මෙහෙම එනකොට බෙන්තර -අලුත්ගම පළාත් මායිමේ පොලිස් මුරපොලේ නිලධාරීන් බස් එක නවත්තනවා .. වැඩි කට්ටිය බස්සන්න කියලා රියදුරුටයි , කොන්දොස්තරටයි පලු යන්න බනිනවා ; කොහොම හරි ඔෆිස් යන්න ඕන නිසා කිහිප දෙනෙක් බැහැල ගිහිල්ලා අර පොලිස් කාරයොන්ට පින්සෙන්ඩු වෙනවා . එතකොට පොලිස් උත්තමයෝ කියන්නේ ( දවස් කිහිපයක්ම කිව්වා) උසාවියේ කට්ටියට කොරෝනා හැදෙන්නේ නැත්ද , ඒගොල්ලන්ගෙන් කොරෝනා බෝවෙන්නෙ නැත්ද කියලා. රාජකාරියට එන්න විශාල සෞඛ්‍යමය අවදානමක් දරනවා , මග දිගේ අපි රස්තියාදු වෙනවා , අමතර මුදල් වැය කරනවා අපි බලුවෙනවා , පච වෙනවා ඒත් අපි රාජකාරියට එනවා 😪😪😪 . මේ බස් එකේ එනවා තංගල්ල , බෙලිඅත්ත , මාතර අවට නිලධාරිනුත් . නමුත් , බොහෝ උසාවි වල සියළු දෙනාම දිනපතාම රාජකාරියට කැඳවනවා. අතුරු මාර්ගවල සෙනඟ නැති නිසාත් , උදේ පාන්දරම සෙනඟ නැති නිසාත් පොදු ප්‍රවාහන සේවා වැඩ කරන්නෙ නැහැ . ඉතිං , පරක්කු වුනහම බලු බැනුම් , short leave දාන්න , half day දාන්න බල කරනවා . No pay යවන ලෙසට උපදෙස් දෙනවා , වැටුප් වර්ධකයට කේවල් කරවනවා … ( මේ තත්වය ලංකාව පුරාම උසාවි කාර්‍ය්ය මණ්ඩල මුහුණ දෙන තත්වයක් කියලයි මට හිතෙන්නේ )….! නමුත් , අධිකරණ කාර්‍යය මණ්ඩල පරිපාලනය කරන ඉහළ බලධාරීන්ගේ මානුෂවාදී අවධානය මේවා පිළිබඳව යොමු නොවන්නේ ඇයි ..? ඉහළ බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා හරිමින් නියෝග නිකුත් කරන බවක් ද මෙයින් ගම්‍ය වෙන්නේ …? බොහෝ උසාවි වල අවම නිලධාරීන් සංඛ්‍යාවක් කැඳවීම නොතකා හරින්නේ ඇයි ..? ඉහළම බලධාරියාගේ ඉඳලම පහළම නිලධාරියා දක්වාම තමන්ගේ ජීවිතය හා දරුවන් ඇතුළුව පවුලේ සියළු දෙනාගේම ජීවිතය ආරක්ෂා කර ගත යුතු බව , ඉහළ බලධාරීන් නොසිතන බවක් ද මේවායින් පිළිබිඹු වෙන්නේ … ? …. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .. බුදු හාමුදුරුවනේ ..! 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!