ජනතාවට තහනම් වූ අපූරු සිහිවටන. “පෘතුගීසි කස ගස” සහ “ඕලන්ද දෙල් ගස”

පුවත්

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ...

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්....

අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම...

“අතවරය නවතන්න”

ළමා හා කාන්තා අපයෝජනයට එරෙහිව අද (22) කිලිනොච්චියේ දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

විදෙස්

උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සයිසෙස් Artocarpus incisus නමින් හැඳින්වෙන් දෙල් ගස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ බ්‍රේඩ් ෆුට් හෙවත් පාන් පලතුර යනුවෙනි. ලන්දේසීන් තමන්ගේ යටත් රාජ්‍යයන් හි විශේෂයෙන් ම වරාය ආශ්‍රිත නගරයන්හි දෙල් ගස් රෝපණය කිරීමට පියවර ගත්හ.

ඔවුන් එවැනි පියවරක් ගෙන ඇත්තේ රට දෙල්වල ඇති ඖෂධීය ගුණය සැළකිල්ලට ගනිමිනි. පැරණි ලන්දේසි ලේඛනවලට අනුව නැව්වල මාස ගණන් ගතකරන යාත්‍රිකයන් විවිධ වසංගත රෝගවලට ගොදුරුවීම වැළැක්වීමේ ගුණයක් දෙල් සතුව තිබී ඇත. මේ නිසා ඔවුහු යාත්‍රිකයන්ට ආහාර ලෙස නැව්වලට දෙල් ගෙඩි තොග ගණන් ලබාදිය යුතු බැවින් තමන් යටතේ වූ සෑම වරායක් ආසන්නයේ ම දෙල් ගස් රෝපණය කර ඇත.

මේ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ ගාල්ල කොටුවේ ස්ථාපිත කර තිබූ ඔවුන්ගේ රෝහල් භූමියයි. එම රෝහලත්, කොටු පවුරත් අතර තිබූ උද්‍යාන කොටසේ අදටත් දෙල් ගස් කිහිපයක් දැකිය හැකි අතර විශාලතම දෙල් ගස පිහිටා ඇත්තේ වරාය පාලකවරයගේ බංගලාව පිහිටි ඇකර්ස්ලූට් අට්ටාලයේය.

පැරණිම දෙල්ගස ලෙස විශ්වාස කරන්නේ මෙම ශාකයයි

එම අට්ටාලය වත්මන් ගාල්ල කොටුවේ මහාධිකරණ ගොඩනැගිල්ලත්, ඕලන්ද රෝහල ලෙස වැරදියට හඳුන්වන ඉංග්‍රීසි රෝහල් ගොඩනැගිල්ලත් අතර පිහිටා තිබේ.

අදින් වසර 350කට පමණ පෙරාතුව ලන්දේසීන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත් කාලයේ ඔවුන්ගේ ප්‍රධානතම වරාය වූ ගාල්ල වරායේ පාලකවරයා හෙවත් හාබර් මාස්ටර්ගේ නිල නිවස පිහිටා තිබුණේ මේ අට්ටාලයේය.

මේ මුර අට්ටාලය ඉදිකර ඇත්තේ නිල නිවසක් ලෙස භාවිතයට ගත හැකි අයුරින් වීම එහි විශේෂත්වයයි. එමෙන්ම ගාල්ල කොටුවේ ඇති මුර අට්ටාල අතරින් වඩාත් ආරක්ෂාකාරීවන ලෙස ඉදිකළ තාප්පයක් දැකිය හැකි එකම මුර අට්ටාලය වන මෙය ඇකර්ස්ලූට් අට්ටාලය නමින් හැඳින්වේ.

ඇකර්ස්ලූට් අට්ටාලය

අදට ද මෙහි අතුපතර විහි දී වැඩුණු සුවිසල් රට දෙල් ගසක් දක්නට ලැබේ. බොහෝ දෙනකුගේ මතය වන්නේ ඒ ගස මෙරටට රට දෙල් හඳුන්වාදුන් ලන්දේසීන් විසින් රෝපණය කරන ලද පළමු ගස බවයි. නමුත් ඊට කිසිදු සාක්ෂියක් නැත. ගසනම් පැරණි බව බැලූ බැල්මට පෙනේ.

ඒ අසළම තවත් සුවිසල් ගසක් දක්නට ලැබේ. එය කස ගසකි.

කස ගස් ගාල්ලේ රෝපණය කර ඇත්තේ පෘතුගීසීන් විසිනි. මේ ගසේ විශාලත්වය අනුව එය පෘතුගීසීන් විසින් මෙරට රෝපණය කළ පළමු කස ගස්වලින් එකක් බව බො‍හෝ උද්භිද විද්‍යාඥයන්ගේ පවා විශ්වාසයයි. නමුත් ඒ ගැන තවමත් විධිමත් පරීක්ෂණයක් සිදුකර නැත.

සුවිසල් කස ගස. පිටුපසින් දක්නට ඇත්තේ ‍පැරණිම දෙල් ගස ලෙස හඳුන්වන ශාකයයි

එම රට දෙල් ගසත් කස ගසත් ඒ ඒ ශාක විශේෂ දෙක මෙරටට හඳුන්වාදෙමින් රෝපණය කරන ලද පළමු ශාක දෙක නම් එම ස්ථානයට ඇත්තේ මිල කළ නොහැකි අද්විතීය වටිනාකමකි.

නමුත් ඇකර්ස්ලූට් මුර අට්ටාලය අද ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය භාරයේ පවතින අතර කිසිදු සංචාරකයකුට ‍එහි ඇතුළුවීමට අවසර නැත. එය වරාය අධිකාරිය සතු නිවාඩු නිකේතනයක් ලෙස භාවිතා වන්නේ  ගාල්ල කොටුව ලෝක උරුමයක් බවට පත්කිරීමේ මූලික අරමුණු පවා උල්ලංගනය කරමිනි.

පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක ගෘහ නිර්මාණ ලක්ෂණ දක්නට තිබීම හේතුවෙන් ම ලෝක උරුමයක් බවට පත්කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව දී ඇති මේ අට්ටාලය තවදුරටත් මෙලෙස සාමාන්‍ය ජනතාවගෙන් සහ සංචාරකයන්ගෙන් ඈත්කර තිබීම කොතෙක් දුරට සාධාරණ ද යන්න ගැටලුවකි.

මෙම අට්ටාලයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ගාල්ලේ පෘතුගීසි බළකොටුවට පහර දී එය යටත් කරගත් ලන්දේසි අණදෙන නිලධාරියා වූ විලියම් ජාකොබ් කොස්ටර් සිහිවීම පිණිස ඔහු උපන් ප්‍රදේශය වූ නෙදර්ලන්තයේ ඒකර්ස්ලූට් ගම්මානයේ නමින් 1759 දී මේ අට්ටාලය ”ඇකර්ස්ලූට්” ලෙස කර ඇති බවයි.

මේ අට්ටාලය අසළ ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද තනි මහල් රෝහල් ගොඩනැගිල්ලක් තිබූ බවට ලේඛනගත සාක්ෂි ඇත. අද එ් ගොඩනැගිල්ල දක්නට නැත.

එදා රෝහල් භූමියේ විවිධ ඖෂධ ශාක වැවූ ඖෂධ උයනක් තිබූ බවට ද සාක්ෂි ඇත. එම උද්‍යානය තිබූ තැන අදට ද කුඩා දෙල්ගස් සමූහයක් දක්නට ලැබෙයි. ඒවා ඇකර්ස්ලූට් අට්ටාලයේ ඇති දෙල්ගස තරම් විශාල නැත. පැරණි දෙල්ගස් විනාශ වූ පසු එම දෙල්ගස් සිටුවන්නට ඇතැයි සිතිය හැකිය.

ඕලන්ද රෝහල තිබූ ස්ථානයේ පසුකාලිනව ඉදිකරන ලද ඉංග්‍රීස රෝහල් ගොඩනැගිල්ල සහ උද්‍යානය වර්තමානයේ දිස්වන ආකාරය

නමුත් ඇකර්ස්ලූට් අට්ටාලයේ ඇති දෙල් ගසේ විශාලත්වයත් ක‍ඳෙහි ස්වභාවයත් සැළකූ විට එය ලන්දේසීන් විසින් මෙරට රෝපණය කරන ලද මුල්ම දෙල්ගස් කිහිපයෙන් එකක් බව සැළකිය හැකිය.

ශ්‍රී ලාංකිකයන් රට දෙල් පලතුරක් ලෙස හඳුන්වන්නේ නැත. එය ආහාරයක් පමණි. කෙසේ වෙතත් ජන වහරේ පැවසෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ එඩිතර වීර ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වා දී සිංහලයන් දෙල් කෑමට පුරුදු කර රෝගී කිරීමේ අපේකෂාවෙන් දෙල් ගස මෙරට රෝපණය කරවූ බවයි.

දෙල්

සත්‍ය කතාවනම් එය නොවේ දෙල් කෑමෙන් වසංගත රෝග දුරුවන බව ලන්දේසීන් විශ්වාස කිරීමයි. මේ දෙල්ගස යට ලන්දේසීන් විසින් පුවරුවක් සවිකර ඇති බවත් එහි ”දෙල් කෑමට පුරුදු කර සිංහලයන්ගේ පුරුෂ ශක්තිය නැතිකර ඔවුන් යටත් කරමු.” යනුවෙන් සටහනක් ඇති බවත් ඇතැමුන් විශ්වාස කරති. නමුත් එවැනි සටනක් තිබූ බවටවත් කිසිදු සාක්ෂියක් නැත.

මේ වනවිට රට දෙල් යනු ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්තවූ ශාකයකි. ශ්‍රී ලාංකිකයෝ රට දෙල් කෑමට පුරුදුව සිටිති. කෙසේ වෙතත් මේ රට දෙල් ගසේ ගෙඩි මෙරට ඇති අනිකුත් රට දෙල් ශාකයන්ගේ ඵලයන්ට වඩා රසවත් බව මෙම ලේඛකයා අත්දැකීමෙන් දනියි.

ගාලු උරුමය පදනමේ විමර්ශන නිලධාරී තරංග ලියනාරච්චි පවසන්නේ වරාය පාලකවරයාගේ නිල නිවස බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවකි.

dav

ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

”වරාය පාලකවරයා තම නිල නිවස මේ ස්ථානයේ ඉදිකරන්න හේතුවක් තිබුණා. ඔහුට තම නිල නිවසේ සිටිමින් ගාල්ල වරාට ඇතුළුවන හා පිටවන සියලු නෞකා ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. බ්‍රිතාන්‍යයන් ගාල්ල ඕලන්ද කොටුව අත්පත් කරගත්තාට පස්සේ ඇතැම් තැන්වල වෙනස්කම් කලා. කොටුවේ පැරණි ඕලන්ද රෝහල වෙනුවට එතැන දෙමහල් රෝහලක් ඉදිකළා. මේ ගොඩනැගිල්ල පසුව ගාල්ල කච්චේරිය ලෙස පවත්වාගෙන ගිහින් දැන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පස්සේ වෙළඳ සංකීර්ණයක් ලෙස භාවිතා කරනවා. එයට කියන්නේ නම් ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල කියලා. නමුත් එය ඉංග්‍රීසි ජාතිකයන්ගේ රෝහල. මේ ස්ථානයේ ඇති උද්‍යානයේ තමයි මුල්ම දෙල් ගස් ලන්දේසීන් විසින් රෝපණය කරලා තියෙන්නේ. ඉංග්‍රීසීන් ඕලන්ද ජාතිකයන් වරාය පාලකවරයාගේ නිල නිවස ලෙස භාවිතාකළ ගොඩනැගිල්ල රෝහලේ මෘත ශරීරාගාරය බවට පත්කළා. නමුත් නැවත 1907 වර්ෂයේ දී මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරලා නැවත වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත්කළා. ලන්දේසීන් විසින් ඉදිකළ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ජාතිකයන් විසින් ප්‍රතිසංස්කරණය කරද්දී එහි අභ්‍යන්තරයේ විශාල වෙනස්කම් කර තිබෙනවා. ඒ නිසා එහි දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ. “

රෝහලේ මෘත ශරීරාගාරයක් බවට පත්ව තිබූ ඕලන්ද වරාය පාලකවරයාගේ නිල නිවස යළි වරාය පාලකවරයාගේ නිල නිවස බවට පත්කළ ද එහි දැන්නම් වරාය පාලකවරයා පදිංචි වී නැත. එය පසු කළෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනයක් ලෙස භාවිතා කර දැන් යළි වරාය අධිකාරිය සතු නිල නිවසක් බවට පත්ව තිබේ.

මධ්‍යම සංස්කෘතක අරමුදල පවසන්නේ ගාල්ල කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කොටුවෙන් ඉවත් කළ යුතු බවයි. දැනට පොලිසිය, හමුදාව, උසාවිය ආදිය සඳහා ප්‍රයෝජනයට ගන්නා ගොඩනැගිලි සහ ඔවුන් විසින් වෙන්කරගෙන ඇති ස්ථාන වහාම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයට පත්කර මහජනයා සඳහා විවෘත කළ යුතු බව රජය පවසයි. නමුත් වසර ගණනක සිට ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතිය ද එවැනි දෙයක් සිදුවන බව පෙනෙන්නට නැත.

මේ පිළිබඳ ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායකගෙන් විමසූ විට මෙසේ කිවේය.

පරාක්‍රම දහනායක

”ගාල්ල කොටුවේ ඇති සියලුම රජයේ ආයතන කිරීමට දැන් අවුරුදු ගණනක සිට කටයුතු කරනවා. ඒ අනුව සියලුම රජයේ ආයතන ඉවත් කළ යුතුයි. මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලිවල තියෙන ලොකුම ගැටලුව තමයි ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම. ඊට තිබෙන ආසන්නම උදාහරණය පැරණි තැපැල් කාර්යාලය තිබූ පරිපාලන ගොඩනැගිල්ල කඩා වැටීම. නමුත් මේ නිවාඩු නිකේතනය පවත්වාගෙන යන වරාය අධිකාරිය ඒ ගොඩනැගිල්ල ඉතාමත් හොඳින් නඩත්තු කරනවා. ගැටලුව තියෙන්නේ එය මහජනයාට සහ සංචාරකයන් සඳහා විවෘත නොකිරීම. නමුත් රජයේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් ඒ ස්ථානයෙන් ඉවත්විය යුතුයි. දැනට අපි සාකච්ඡා කරනවා මේ ස්ථානයේ පැරණිම දෙල් ගස සහ මුල් යුගයේ හිටවපු කස ගසකුත් තිබෙන නිසා ඒවාත් මේ අට්ටාලයත් මහජනයාටත් දැක ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පුළුවන් ද කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ඉක්මන් තීරණයක් ගන්නවා.”

ගාල්ල කොටුවේ ඇති අට්ටාල අතරින් අපූරු ඉතිහාස කතාවක් සඟවාගෙන සිටින ඇකර්ස්ලූට් අට්ටාලය තවදුරටත් පාසල් සිසුන්ගෙන්, මහජනතාව‍ගෙන් හා විදෙස් සංචාරකයන්ගෙන් සඟවා තැබිය යුතුය ද ?

පැරණි දෙල්ගස සහ කස ගස මුහුදට පෙනෙන අයුරු

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා...

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය...

කොරෝනා පිළිබඳ යථාර්ථයට මුහුණ දෙමු. බිහිසුණු ඇත්ත මෙන්න

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී වඩාත් අසීරු මට්ටමකට පත්වනු ඇති බව කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ආසාදන පාලන සහ කායික රෝග...

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි. කොළඹ සහ තදාසන්න...

ගුරු – විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකයි

විදුහල්පතිවරු, ගුරුවරු සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (02) වැනි දින සේවයට කැඳවා ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම උපදෙස් අනුව කටයුතු නොකරන...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01)...

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක...

ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු දෙනා හෙට සිට සේවයට කැඳවලා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමේ ‍චක්‍රලේඛය අනුව හෙට සිට කටයුතු කිරීම අවශ්‍ය බව...

කොලේ වසා ගහන “ත්‍රිපිටක පනත”. සම්බුද්ධ ශාසනයට වසර 2500යි. පාලනයට නීති හදන්නේ පැය 06කින්

මේ පිළිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටුයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ කෙටුම්පත් කරන ලද පනත භික්ෂූන්...

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!