spot_img
spot_imgspot_img

දකුණු මුහුදේ ගිනි ගත් නැවක් ගැන ශ්‍රී ලංකාව දන්න‍ේ දින 06කට පසු

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ බ්‍රිටිෂ් ප්‍රයිඩ් නමැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවකින් බිහිසුණු පණිවිඩයක් මෙරට වරාය අධිකාරියට ලැබිණි.

ඒ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දෙවුන්දර තුඩුවට නාවික සැතපුම් 300ක් ඈත මුහුදේ නැවක් ගිනිගෙන විනාශ වී ඇති බවයි. මේ නැවේ කිහිප දෙනකු මියගොස් ඇති බවත් ජීවත්ව සිටින 15 දෙනකු බේරාගත් බවත් බ්‍රිටිෂ් ප්‍රයිඩ් මෙරට බලධාරීන්ට දන්වා තිබිණි.

ඇමතුම ලැබුණු වහාම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ නාවික හමුදාව ක්‍රියාත්මක විය.

මෙලෙස විනාශ වී තිබුණේ සිංගප්පූරුවට අයත් MT Setia Jaya නමැති නැවකි. පාම් තෙල් තොගයක් රැගෙන මාලදිවයිනට ගොස් ඒවා ගොඩබෑමෙන් අනතුරුව යළි මලයාසියාවේ පෘෂාරි ගුඩෝන් වරාය බලා ගමන් කරමිින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත.  

නැව අනතුරට ලක්වූයේ 2004 වර්ෂයේ ජූලි මස 18 වැනි දා ය. එදින හදිසියේ ම නැවේ එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන තිබූ අතර දින ගණනාවක් පුරා එම ගින්න නිවා දැමීමට නැවේ සේවකයන් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබිණි. අවසානයේ සිදු වූයේ එන්ජින් කාමරය හදිසියේ ම පුපුරායාමයි. ඒ සමඟම ගින්න නැව පුරාම පැතිර ගිය අතර ගින්නට හසුවූ සේවකයන් 06 දෙනකු පිලිස්සී මියගොස් තිබිණි.

ගින්න හටගැනීමත් සමඟ නැවේ පණිවිඩ හුවමාරු පද්ධතියට හානි සිදුව තිබූ බැවින් තමන්ට සිදුවූ අනතුර පිළිබඳ ආසන්නයෙන් ම පිහිටි රට වූ ශ්‍රී ලංකාවට දැනුම් දීමට හෝ වෙනත් නැවකින් උපකාර ඉල්ලීමට හෝ ඔවුන්ට කැකියාවක් තිබුණේ නැත.

නැවේ ගින්න හටගත්තේ 18 වැනි දා වුව ද ඒ ආසන්නයෙන් ගමන් ගත් බ්‍රිටිෂ් ප්‍රයිඩ් නෞකාව ගිනිගන්නා මේ නැව දැක ඇත්තේ ඉන් දින 06කට පසු ජූලි 24 වැනි දා ය. වහාම ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා නාවික හමුදාව විනාශ වූ නැව වෙත ගමන්කළ අතර සිංගප්පූරුවේ ටග් යාත්‍රාවක් ද යොදා ගනිමින් MT Setia Jaya නැව ගාල්ල වරාය සමීපයට ඇදගෙන ඒමට ද කටයුතු කර තිබිණි.

28 වැනි දා නැවේ තිබූ මල සිරුරු 04ක් ගාල්ල වරායට රැගෙනවිත් තිබූ අතර අනෙක් මළ සිරුරු 02 සෙයාගන්නා ලද්දේ ජූලි මස 30 වැනි දා හෙවත් නැවේ අනතුර සිදුවී දින 12කට පසුවය. ගාල්ල වරාය ‍පොලිසිය වාර්තා කර ඇත්තේ පසුව ගොඩබිමට ගෙන ආ මළ සිරුරු දෙක එන්ජින් කාමරවලට යටවී තිබූ බවයි. පිළිස්සී විකෘති වී අඳුනාගැනීමට පවා නොහැකි තත්ත්වයට පත්ව තිබූ එම මළ සිරුරු බෙහෙවින් නරක් වී තිබූ බව ද පොලිසිය පවසා ඇත.

බ්‍රිටිෂ් ප්‍රයිට් නෞකාවෙන් බේරාගත් කාර්ය මණ්ඩලයේ 15 දෙනා ඇමෙරිකාවට ගෙන ගොස් සිටි අතර මියගිය අය අතර ඉන්දුනීසියාවේ, බුරුමයේ සහ චීනයේ පුරවැසියන් සිටි බව ද වාර්තා වේ.

https://www.thestar.com.my/news/regional/2004/07/31/missing-ship-located

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!