spot_img
spot_imgspot_img

“කොරෝනා පාලනය කළ නොහැකියි” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

පුවත්

විදෙස්

කෙ‍රෝනා වසංගතයේ වඩාත් දරුණු ප්‍රභේද ලෝකය පුරා ම ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් වසංගතය වැළැක්වීම දුෂ්කර වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (15) පැවැති සංවිධාන කමිටු රැස්වීමේ දී ය.

“කිසිම තැනක වසංගතය අවසන් වී නැත” යනුවෙවන් එම කමිටුව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කමිටු සභාපති ඩිඩියර් හුසින් කියා සිටියේ “මෑත කාලීන සිදුවීම් පිළිබඳ කනස්සල්ලට පත්වන” බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මහජන සෞඛ්‍ය හදිසි අවශ්‍යතාවක් (PHEIC) ප්‍රකාශයට පත්කරන ලද්දේ පළමු වතාවටය. ඉන් වසර එකහමාරකට පසුව ද “අපි තවමත මේ වයිරසය පසුපස දුවමින් සිටින අතර වයිරසය තවමත් ක්‍රියාත්මක වේ” යැයි ද ඔහු පවසයි.

මේ වයිරසය පාලනය කිරීමට වඩා අභියෝගාත්මක විය හැකි භයානක මෙන්ම නව ප්‍රභේද මතුවීමට හා ගෝලීයව පැතිරීමට හැකියාව තිබෙනවා. එන්නත් හ‍ා හොඳින් සකසාගත් සෞඛ්‍ය පද්ධති සඳහා උසස් ප්‍රවේශයක් ඇති රටවලට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව ඇත් සීමිත ප්‍රවේශයක් ඇති රටවල් නව ආසාදන රැළි තවමත් අත්විදිමින් සිටිනවා. එමෙන්ම මහජන විශ්වාසය විනාශ වෙමින් පවතිනවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කී‍වේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් කියා සිටියේ සැප්තැම්බර් අග වන විට සෑම රටකම ජනගහනයෙන් අවම වශයෙන් 10% ක් එන්නත ලබා දෙන ලෙස සියලු රටවලින් ඉල්ලා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!