spot_img
spot_imgspot_img

ඕට්ටු මධ්‍යස්ථාන, වනෝද්‍යාන, ළමා උද්‍යාන ආදී ස්ථාන කිහිපයක සීමා ලිහිල් කරයි

පුවත්

විදෙස්

දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ආකාරයට ලිහිල් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කොරෝනා පැතිරීමේ වෙනස්වීම් සහ වෙනස්වීම් මත ඒවා සංශෝධනය වන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර ඇති සංචරණ සීමා ලිහිල් කිරීමේ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව ආගමික උත්සව සඳහා ද වෙන වෙන ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන බව දැක්වා තිබේ.

සත්ත්වෝද්‍යාන 25% ක උපරිම ධාරිතාවකට ඇතුළුවිය හැකි ආකාරයෙන් විවෘතවන අතර වනජීවී උද්‍යාන විවෘත කර ඇති අතර නරඹන්නන් සහ දිරිගන්නවන්නන් නොමැතිව ක්‍රීඩා තරඟ පැවැත්වීමට ද අවසර හිමිව තිබේ. නවාතැන් ස්ථාන හා නේවාසිකාගාර සඳහා අවසර හිමිවන අතර, කඳවුරු (Adventure Sites / Camping Sites) විවෘත කර තිබේ. මීට අමතරව ළමා උද්‍යාන විවෘත කර ඇති අතර ශාලාවන් තුළ සිදුකරන සංගීත සංදර්ශන සඳහා ශාලා ධාරිතාවෙන් 50%ක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට අවසර හිමිව ඇත. එසේ වුව ද එළිමහනේ පැවැත්වෙන සංගීත සංදර්ශන සහ සැණකෙළි සඳහා අවසර නැත. ඔට්ටු මධ්‍යස්ථාන ද විවෘත කිරීමට අවසර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!