“ගීතය එදා වින්දා. අද විඳවනවා” – රත්න ශ්‍රී

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

මෑත කාලීනව විද්‍යුත් නාලිකාවල ප්‍රචාරයවන ගීත සහ සති අන්ත පුවත්පත්වල සාහිත්‍ය කලා අතිරේකවල පළවන ගීත රසාස්වාද කිසිවක් උසස් සාහිත්‍ය අගයක් නොමැති, එමෙන්ම කතාකිරීමට තරම් වින්දනයකට නුසුදුසු, රසිකයන්ගේ මතකයේ නොරැ‍ෙඳෙන නිර්මාණ බව රත්න ශ්‍රී විජේසිංහ පවසයි.

ඔහු පවසන්නේ මේ ගීතවල දුර්වලතාව කොතෙක් ද යන්න අදටත් ප්‍රාසංග වේදිකාවේ දී සහ විනෝද චාරිකා අවස්ථාවල දී පැරණි ගීත ගායනා කිරීමෙන් ම පෙනී යන බවයි.

රත්න ශ්‍රී විජේසිංහ ලාංකීය ගීතය, කවිය, ළමා සාහිත්‍යය ඇතුළු සාහිත්‍යය ක්ෂේත්‍ර වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකරමින් සිටින ප්‍රතිභා සම්පන්න නිර්මාණ කරුවෙකි.

කවිය මෙන් ම ගීතය ද නව මඟකට රැගෙන ඒමට ඔහු දැරූ වෙහෙස අපමණය. එසේම මෙරට දරු පරපුරේ සාහිත්‍යය කලා රසිකත්වය පෝෂණය කරනු වස් ඔහු කළ විචාර, දේශන, සංවාදවල විටිනාකම මිල කළ නොහැක.

ආලකමන්දා (රාජ්‍ය සම්මාන), නෙත නිලුපුල් (රාජ්‍ය සම්මාන), ඉර බටුතරුව, ගංඟා ගීතය, සුුදු නෙළුම (රාජ්‍ය සම්මාන) වංකගිරිය අරණේ (රාජ්‍ය සම්මාන) වැනි ගීත සංග්‍රහ ද සන්ධ්‍යා තීර්ථය (විද්‍යොදය සම්මාන), මධ්‍යම යාමය (ගොඩගේ සම්මාන), සල්ගස යට, සුබ උදෑසන (රාජ්‍ය සම්මාන) වස්සානේ, බිය නොවන් අයියණ්ඩි වැනි කාව්‍ය සංග්‍රහ ද මෙරට රසිකයන්ට කිසි දා අමතක නොවේ.

රත්න ශ්‍රී විජේසිංහ

ඔහු මේ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ගීතයක සාර්ථකත්වය ගැන කතා කරනකොට එහි පදමාලාව පමණක් නොව සංගීතය හා ගායනය ගැනත් අවධානයට ලක්විය යුතුයි. පසුගිය කාලේ එය පරිපූර්ණව සිදු නොවුණත් අඩුම තරමේ පද රචනාව ගැනවත් කතාවුණා. අද ඒ දේවත් සිද්ධ වෙන්නේ නෑ. එය අවාසනාවන්ත තත්ත්වයක්. එදා ගීතය වින්දා. අද ගීතය විඳවනවා. අපි මොනතරම් මහන්සිවෙලා ගීත ලිව්වත් ඒවා අහන්න ලැබෙන්නේ නෑ. ප්‍රචාරය වෙන්නේ නෑ.

මෙහි යම් ප්‍රමාණයකට වර්තමාන මාධ්‍යයත් වගකිව යුතුයි. ඒ වගකීමෙන් ඔවුන්ට මිදෙන්න බෑ. බොහෝ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන්නේ කමකට නැති ගීත. ගීත ප්‍රචාරය කරන ප්‍රධාන මාධ්‍යය තමයි ගුවන් විදුලි නාලිකා. ඒ නිසා ඔවුන්ට විශාල වගකීමක් තිබෙනවා මේ ගැන.

සමාජයක වින්දන පරාසය පුළුල් කිරීමේ වගකීම විවිධ අංශවලට පැවරෙනවා. මාධ්‍යයට පමණක් ඒ දේ සීමා වෙනවා යැයි මා කියන්නේ නෑ. අධ්‍යාපනයටත් ඒ වෙනුවෙන් වගකීමක් තිබෙනවා. ගුරුවරුන්ට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. අද විභාග මූලික අධ්‍යාපන රටාව රසවින්දනය අනවශ්‍ය දෙයක් හැටියට සළකමින් ඉන්නවා. කටපාඩම් කරන වියරණ දැනුමෙන් පමණක් චින්තනය දියුණු කරන්න බෑ. ඒකට සාහිත්‍ය කලා රසඥතාව උපකාර වෙනවා. අද වන විට ගුරුවරුන්ගේ රසඥතා මට්ටමත් පිරිහිලා. දරුවන්ගේ තත්ත්වය අහන්න දෙයක් නොවෙයි නේ.

තරඟකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් තුළ මිනිසුන් සිතන්නේ පතන්නේ මමත්වය මූලික කරගෙන පමණයි. මානව ගුණධර්ම ආදිය ඔවුන්ට නොවැදගගත් දේවල්. ඇතැමුන් සිතනවා ආගම දහමෙන් පමණක් මේ විනය ඇති කළ හැකියැයි කියා. ඒත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. ත්‍රිපිටකය පෙව්වත් මේ විනය ගොඩ නැගීම දුෂ්කරයි. මිනිසුන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට හොඳම මඟ වන්නේ උසස් සාහිත්‍ය කලා ඇසුර සහ ඒවා රසවින්දනයට මඟ කියාදීමයි.

සැබෑ සාහිත්‍ය ගුරුවරුන් වත්මන් පාසල්වල අවම වී සිටීමත් සාහිත්‍ය කලාව දරුවන් අතරින් දුරස්වීමකට හේතු වී තිබෙනවා. අතීතයේ සිට පුහුණු සිංහල ගුරුවරු ඉංග්‍රීසි හැර සිංහල විෂයයන් බොහොමයක් ඉගැන්නුවා. ඔවුන් කවියක් ගැන කියා දීමේ දී ඒ කිවිය පන්තිය ඉදිරියේ සිතුවමට නගනවා. එය රඟපා පෙන්වනවා. ගායනා කරනවා. ඒ ක්‍රියාකාරකම් සියල්ල එකතුවුණාම අර කවිය දරුවාට අමතක වෙන්නේ නෑ. එබඳු ගුරුවරු දැන් පාසල්වල සිටිනවා දැයි සැක සහිතයි.

දරුවන්ගේ රසඥතාව වර්ධනය කිරීමේ වගකීම සාහිත්‍ය ගුරුවරුන්ට පමණක් පටවලා නිහඬ වෙන්න බෑ. දරුවන්ගේ ආකල්ප, සාරධර්ම ගැන හිතන්න සෑම ගුරුවරයකුට ම වගකීමක් තිබෙනවා. භාෂාව නිවැරදිව උගන්වන්න යුතුකමක් තිබෙනවා. ඒ ගුරුවරයා උගන්වන්නේ විද්‍යාව ද , ගණිතය ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි.

ගීතය ශුද්ධ සංගීතයේ ශාඛාවක්. ගීතයේ සම්මාදම් තුනක් තිබෙනවා. එකක් තමයි පද රචනය, පද රචකයා තමයි හිස් කඩදාසියකින් මේ වැඩේ පටන්ග‍න්නේ. ඒ පද රචනාව නාද මාධ්‍යයෙන් අර්ථකථණය කරන්නේ සංගීතඥයා. තම කටහඬින් ඒ ගීතය භාව පූර්ණව රසිකයා වෙතට නෙ යන්නේ ගායන ශිල්පියා. හොඳ ගීතය මේ සියල්ලේ මනා සංකලනයක්. හොඳ ගීතයකට බටහිර ද පෙරදිග ද කියා භේදයක් නැහැ.

ඒත් අද බොහෝ විට ගීත නිර්මාණය කරන්නේ හුදු මුදල් හම්බකිරීමේ අරමුණින් හොඳ ගීතය කුමක්දැයි නිසි විචාරයකට මඟ පෙන්වීමේ වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි මීට කලකට පෙර එවැනි වැඩසටහන් තිබුණා. අද එවැනි දෑ සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමත් දෂ්කරයි.

ඇතැමුන් ගර්හිත කලාවක් ලෙස සැළකූ ගීතය දැන් වැදගත් සාහිත්‍යාංගයක් බව ඔප්පු වී තිබෙනවා. ඒ තත්ත්වයට ගීතය පත්කිරීමේ ගෞරවය මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නන්ට හිමිවිය යුතුයි.

භාෂා සාහිත්‍ය පිළිබඳ මනා අවබෝධයයක් තිබීම ගී පද රචකයකුට ඉතාම වැදගත්. බොහෝ විට ගීතයේ භාෂාව තීරණය වන්නේ එහි අත්දැකීම් පදනම් කරගෙනයි. උදාහරණයකට මහගම සේකරගේ බොහෝ ගීතවල භාෂා භාවිතය ගත්තොත් ඒවා ගොඩගැහෙන්නේ ගීතය හා බැඳුණු අත්දැකීම් පදනම් කරගෙනයි.

මහගම සේකර

ඔබේ නමින් සෑය බඳිමි

විමානයෙන් බසිනු මැනවි

ස්වර්ණමාලියේ – රූබර ස්වර්ණමාලියේ

ගීතය ඔහු ලියන්නේ රුවන්වැලි සෑය තනන්නට යෝජනා වූ තැන තෙළඹු ගසේ සිටි ස්වර්ණමාලියගේ කතාව මූලාශ්‍ර කරගනිමින්. ඔහු ඒ ගීතය නිර්මාණය කරද්දී රන් තෙළඹුවේ කවිවල ආශ්‍රය ලබනවා. එසේම මේ ගීතයේ එන

“ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් පිපෙන ලියේ” යන යෙදුම ඔහු භාවිත කරන්නේ “කුන්දේන අන්ත මදරන් – නව පල්ලවේන “ ආදී වශයෙන් එන සංස්කෘත ශ්ලෝකය ආධාරයෙන්.

එසේ ම

“පිලේ පැදුර හේනට අරගෙන යනවා 

එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා”

ගීතයට සේකර ආශ්‍රය කරගන්නේ ජන කවියයි. ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු වැනි විශ්ව නිර්මාණකරුවන්ගේ නිර්මාණ පවා ඇතැම් විට ඔහු අභාසයට ගන්නවා. ඒ අනුව සන්නාලියෙන් ගීතය ඔහු ලියන්නේ සරෝජිනී නායිදුගේ නිර්මාණයක් ඇසුරින්. එහෙත් ඒ අතරේදිත් ඔහු ඇතැම් යෙදුම් යොදන්නේ දේශීයත්වයට ගැලපෙන අන්දමින්. මාලගිරා තටු, කන කොක්තටුව වැනි යෙදුම් ඒ සඳහා උදාහරණයි.

සේකර “ගැටවරයෝ” චිත්‍රපටයට “ආරිච්චි බෝරිච්චි” ගීතය ලියන්නේ නූතන කටවහර පාවිච්චි කරමින්. ඒ ගීතයේ භාෂාවට බලපා තිබෙන්නේ එහි අනුභූතියයි.

කෙසේ වෙතත් ගීත යනු ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක්. ඒ සඳහා භාවිත කළ යුත්තේ ඊට ගැලපෙන බසක් අතිශය විධක්ද බසක් භාවිතා කළොත් එය ශ්‍රාවකයාට නොතේරෙන්න පුළුවන්. එක්වරක් රසවිඳීමෙන් ගීතයක් සුඛාවබෝධයක් ලැබීමයි වැදගත්

සාහිත්‍ය නිර්මාණ රචකයකුට කිසිම විටක කෙටි පාරවල් පෙන්වන්න බෑ. සාර්ථක කිර්මාණයක් තැනෙන්නේ දිගුකාලීන අභ්‍යාසවල ප්‍රතිඵලයක් හැටියට. මුලින්ම ආදුනිකයන් භාෂාව සාහිත්‍යය හදාරන්න ඕනෑ. සමාජය මැනවින් නිරීක්ෂණය කරන්න ඕනෑ. භාෂාව යොදාගත යුත්තේ අත්දැකීමට සරිලන අන්දමින්. ලියන මුල් ම නිර්මාණය විශිෂ්ට එක්ක නොවෙන්න පුළුවන්. එය සතතාභ්‍යාසයෙන් ම පෝෂණය කරගන්නවා හැරෙන්නට සාහිත්‍ය නිර්මාණකරුවකුට කෙටි පාරවල් පෙන්වන්න පුළුවන් කමක් නෑ.

ගාමිණී කන්දෙපොළ විසින් “ලංකාදීප පුවත්පතේ විමංසා සංග්‍රහය” සඳහා රත්න ශ්‍රී විජේසිංහ සමඟ පැවැත්වූ සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදී.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!