spot_img
spot_imgspot_img

එන්නත්කරණය වේගවත් කරද්දී කොටස් වෙළෙඳ පොළ පිබිදීමක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දින සමස්ත මිල දර්ශකය ඒකක 25.8කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වූනේ 7939ක් බවට පත්විය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.1කි.

දිනයේ ගනුදෙනුවලට වැඩි වශයෙන් දායක වූ සමාගම් අතර ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 351යි, කැන්ඩි හොටෙල් සමාගම රුපියල් මිලියන 224යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 186ක් ලෙස කැපී පෙණිනි.

අද දිනයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම රුපියල් මිලියන 623ක් වූ අතර මිල දී ගැනීම් රුපියල් මිලයන 40ක් විය. ඒ අනුව විදේශිකයන් කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 583ක් වටිනා කොටස් වැඩිපුර විකුණා දමා තිබිණි.

විදේශ ආයෝජකයන් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 26යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 3.4යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 2.7ක් ලෙස මූලික වූ අතර විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණා දැමූ සමාගම් අතර ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 340යි, කැන්ඩි හොටෙල් සමාගම රුපියල් මිලියන 215යි, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 14ක් වශයෙන් ප්‍රධාන විය.

ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙමින් පවතින සීඝ්‍ර එන්නත්කරණයත් සමඟ සැප්තැම්බර් මාසයේ අවසානය වනවිට සංචාරක කර්මාන්ත සහ අනිකුත් කර්මාන්ත සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාසයෙන් බොහෝ හෝටල් සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් නැඹුරු වී ඇති අතර භාණ්ඩ හා සේවාවන් අපනයනය මගින් ආදායම් උපයන LOLC, බ්‍රව්න්ස් ඉන්වෙස්ට්මන්ට්, ඩිප් ප්‍රඩක්ට්, හේකාබ්, හේලීස් සහ එක්ස්පෝ ලංකා වැනි සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව පෙනෙන්නට තිබේ.

සමස්ත කොටස් මිල දර්ශකය ඉතා ඉක්මණින් ඒකක 8,000ක් ඉක්මවනු ඇතැයි විශ්වාසය පළකර සිටීයි. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ජුලි මස 27 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත DVP ක්‍රමවේදය අනුව බොහෝ ‍ආයෝජකයන් තමන් සතු කොටස් මූල්‍ය සමාගම් වෙත ඇපයට තබා ඉතා අඩු පොළී ‍ප්‍රතිශතයන්ට ණය මුදල් ලබාගැනීමත් කොටස් වෙළෙඳ පොළ කෙරෙහි සාධනීය ලෙස බල පා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!