spot_img
spot_imgspot_img

අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දින සමස්ත මිල දර්ශකය ඒකක 47කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7913ක් බවට පත්විය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.9 කි.

ගනුදෙනු සඳහා වැඩිපුර දායක වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 308යි, LOLC සමාගම රුපියල් මිලියන 160යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 135ක් ලෙස කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 232ක කොටස් විකුණා දමනු ලැබීය.

ඒ අනුව අද විදේශ වත්කම් රුපියල් මිලියන 207ක් ශුද්ධ වත්කම් පිටතට ගලායම සිදුව තිබේ.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතරින් හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 8.1යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 5යි, මේල්ස්ටා කෝප් සමාගම රුපියල් මිලියන 2ක් ලෙස ප්‍රධාන වූ අතර දිනයේ විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 119යි, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 42යි, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 19ක් ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළඳ පොළ අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ. ඒ අතරින් නිෂ්පාදන අපනයනය කිරීමෙන් සහ භාණ්ඩ හ සේවා සැපයීම මගින් විදේශ විනිමය උපයන LOLC සමාගම, ඩිප් ප්‍රඩක්ට් සමාගම, එක්ස්පෝ ලංකා සමාගම, හේලීස් සමාගම සහ හේකාබ් සමාගම මූලික වී ඇත.

අද දිනයේ ලාභාංශ නිකුත් කළ සමාගම් අතර කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම කොටසක් සඳහා රුපියල් 1.50ක් ද, ටෝකියෝ සිමෙන්ට් සමාගම කොටසක් සඳහා රුපියල් 0.85ක් ද නිවේදනය කරන ලදී.

කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත මිල දර්ශකය ඉක්මණින් ඒකක 8000 ඉක්මවනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!