ගැබිණි කාන්තාවක් වායුගෝලීය දූෂණයන්ට නිරවාරණය වුවහොත් අසාමාන්‍ය ලෙස තරබාරුවන දරුවන් බිහිවීමේ සහ ඒ ආශ්‍රිත් රෝග අවදානමක් ඇති දරුවන් බිහිවන බව ඇමෙරිකාවේ බෝල්ඩර් හි කොලරාඩෝ විශ්වවිදයාලය මගින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එම පර්යේෂණ වාර්තාව ජාත්‍යන්තර පාරිසරික සෞඛ්‍ය සඟරාවක ප්‍රකාශයට පත්කර ඇත.
විෂ සහිත දූෂකවලට නිරාවරණය වීම මෙයට හේතුවක් වී ඇති බවත් මේ පර්යේෂණයේ ප්‍රතිඵල පෙන්වාදෙයි.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන තරුණයන් අතරින් සුදු ජාතිකයන් අතර 14%ක් හා ආසියාතිකයන් අතර 11% මෙලෙස තරබාරුකම දක්නට ලැබෙන බව ද එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
“අපේ සමාජයේ ඇතැම් කණ්ඩායම් අතර තරබාරුකම වැඩි වීම හුදෙක් ව්‍යායාම සහ කැලරි වැනි පුද්ගලික තේරීම්වල අතුරු ඵලයක් නොවේ. එය ඊට වඩා සංකීර්ණයි. යමකුට පාරිසරික හානියේ බර දරාගැනීමට සිදුවන්නේ කෙසේ ද යන්න මෙයින් පැහැදිලි වනවා.” යනුවෙන් මෙම පර්යේෂණය සිදුකළ කායික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ටැන්යා ඇල්ඩෙරෙට් පවසයි.
දුම්පානය කරන හෝ කාලානුරූපව වායු දූෂණයට නිරාවරණය වන ගර්භනී කාන්තාවන් බිහිකරන දරුවන් ජීවිතයේ පළමු වසර තුළ, අසාමාන්‍ය ලෙස වේගයෙන් බර වැඩි කර ගන්නා බව තහවුරු වී ඇත. මුල් අවදියේදී වේගවත් බර වැඩිවීම දියවැඩියාව, හෘද රෝග සහ ළමා කාලය හා නව යොවුන් වියේ බර පිළිබඳ ගැටළු සමඟ සම්බන්ධ වීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි.
ඉන් පෙනී යන්නේ මව දූෂණය වූ වායු අඝ්‍රානය කිරීම ඇගේ දරුවාගේ අනාගත ජීවිතයට පසුකාලීනව ගැටලු රැසක් ඇතිකරන බවයි.
පර්යේෂකයෝ එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සියේ වායු ගුණාත්මක පද්ධතියේ දත්ත භාවිතා කළහ, එය පරිසර නිරීක්ෂණ මධ්‍යස්ථාන වලින් පැයකට වාතයේ ගුණාත්මක දත්ත වාර්තා කරයි. කර්මාන්තශාලා, මෝටර් රථ සහ ඉදිකිරීම් වලින් ආශ්වාස කළ හැකි අංශු අඩවි, නයිට්‍රජන් ඩයොක්සයිඩ් (මෝටර් රථ සහ විදුලි බලාගාර වලින් නිකුත් වන ගන්ධ රහිත වායුව) සහ ඕසෝන් වායු පිළිබඳ දත්ත පර්යේෂණය සඳහා ඉවහල් කරගෙන තිබේ.
ඉන්පසු ඔවුන් තෝරාගත් ළදරුවන් පිළිබඳ සියලු දත්ත පර්යේෂණයට බඳුන්කර තිබේ. වරින් වර ඔවුන්ගේ බර හා උස පමණක් නොව, ඔවුන් කොපමණ මේදය සහිත වන්නේ ද යන්න පවා ගණනය කර ඇ.
“පූර්ව ප්‍රසව කාලයේ දී වායු දූෂණයට වැඩි නිරාවරණයක් ඇති වූ මවුවරු විසින් බිහිකළ දරුවන් මුල් මාස හයේ දී ම බර, අධි පෝෂණ තත්ත්වයන් හෝ ශරීරයේ මේදයේ වැඩිවීමේ වෙනස්කම් සමඟ සම්බන්ධ වී ඇති බව අපට පෙනී ගියේය,” යනුවෙන් පර්යේෂකයෝ සඳහන් කරති.
සමහර අවස්ථාවලදී, දූෂක ද්‍රව්‍ය පිරිමි සහ ගැහැණුන්ට වෙනස් ලෙස බලපායි.
එමෙන්ම මෙම වර්ධනය ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් අතර වෙනස් ලෙස දක්නට ලැබෙන බව ද එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ. ගැහැනු ළමනු්ගේ ඉණ වටා ප්‍රදේශයේ වේගවත් වර්ධනයක් දක්නට ලැබෙන අතර පිරිමි ළමුන්ගේ උස අඩුවීම හා තරබාරු බව දක්නට ලැබෙයි.
වායු දූෂක ආශ්වාස කිරීම මවකගේ නූපන් දරුවෙකුගේ වර්ධන රටාවන්ට බලපාන්නේ කෙසේද?
පර්යේෂකයන් විශ්වාස කරන්නේ එම දූෂක මගින් පෙණහලුවලට සිදුකරන බලපෑම සමස්ත ඉන්ද්‍රීය පද්ධතිවලට ම ඇතිකළ හැකි බවයි. මීට අමතරව ඉන්සියුලින් සංවේදීතාව වැනි පරිවෘත්තීය ක්‍රියාවලීන්ට කලලයේ වර්ධනයට බලපෑම් කළ හැකි බව ද පර්යේෂකයෝ කියති.
මව විසින් ආඝ්‍රානය කරන වායු දූෂඛ ළදරුවන් තුළ ජාන ප්‍රකාශනයට බලපෑම් කරන බව මෙමගින් තහවුරු වෙයි. එමෙන් ම එය අනාගතයේ දී පරම්පරාවක් ඉක්මවා තවත් පරම්පරාවක් වෙත සම්ප්‍රේෂණය වනු ඇතැයි ද සමස්ත ජීවිත කාලය පුරාම බලපෑම් ඇති කළ හැකියැයි ද පර්යේෂකයන්ගේ සැකයට තුඩු දී තිබේ.
මූලාශ්‍රය
Materials provided by University of Colorado at Boulder. Original written by Lisa Marshall. Note: Content may be edited for style and length.
https://www.sciencedaily.com/releases/2021/06/210615132201.htm