spot_img
spot_imgspot_img

පාසලක් වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ ගුරුමාතාව දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය වෙනුවෙන් තම ජීවිතයම කැප කර සිටි සුවිශේෂී ගුරු මාතාවක් වන එලිසබෙත් සේනානායක අද (12) සිය දිවිගමනට සමු දුන්නාය.

1936 මැයි මස 03 වැනි දා ගාල්ල දඩල්ලේ පදිංචි ඇල්ෆ්‍රඩ් ඩැනියෙල් සේනානායක පියාණන්ට දාව සේරා පණ්ඩිතරත්න මවගේ කුසින් මෙළොව එළිය දුටු ඇය සහෝදරයන් 05 දෙනකුගේ සහ සහෝදරියන් 05 දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූවාය.

පහළ බාලාංශයේ සිට අධ්‍යාපනය ලැබූ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ලැබ පැමිණ ඇය තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ද ශ්‍රී හෘදය කන්‍යාරාම විද්‍යාලයෙනි. විශ්‍රාම ලබනතුරුම එම විදුහලේ ගුරුවරියක් ලෙසත් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසත් කටයුතු කළ ඇය තමන් උපයන වැටුප පවා මියයන තුරුම පාසල වෙනුවෙන් ම වියදම් කළා.

මේ සුවිශේෂී ගුරුතුමිය ගැන rata.lk අපි මීට පෙර විශේෂ සටහනක් ද තැබුවෙමු. ඒ ඇය පාසල් දරුවන් වෙනුවෙන් හා පාසල වෙනුවෙන් කරන ලද අනූපමේය කැපවීම්වලට උපහාරයක් ලෙසිනි.

මාස කිහිපයක් රෝගාතුරව සිටි ඇය අද (12) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අවසන් හුස්ම හෙළුවාය.

මීට ඉහත අප ඇය ගැන ලියූ ලිපිය මෙතැනින්.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!