spot_img
spot_imgspot_img

පියකුගේ දූ පුතුන් තීරණය වන්නේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව අනුවයි

පුවත්

විදෙස්

යුවළකට ලැබෙන දරුවන් පුතුන් හෝ දියණියන් වීම තීරණය කිරීමට වැඩියෙන් බලපාන්නේ පියාගේ ජාන බව විශ්වවිද්‍යාල පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

නිව් කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කොරි ජෙලට්ලි ප්‍රධාන කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදුකර තිබේ.

මෙයින් අදහස් වන්නේ පුරුෂයින් තම දෙමාපියන්ගේ ප්‍රවේණිගත සාධක මත වැඩි පුතුන් ප්‍රමාණයක් හෝ වැඩි දියණියන් ප්‍රමාණයක් බිහිකරන බවයි. බොහෝ සහෝදරයන් සිටින අයකුට වැඩිපුර ලැබෙන්නේ පිරිමි දරුවන් වන අතර බොහෝ සහෝදරයන් සිටින පුරුෂයකුට දාව බිහිවන්නේ වැඩිපුර දියණිවරුන්ය.

යුරෝපයේ පුද්ගලයන් 556,387 දෙනකුගේ පවුල් ගස්වල තොරතුරු අධ්‍යයනය කරමින් මේ පරීක්ෂණය සිදුකර තිබේ. එහි දී වර්ෂ 1600 දක්වා දත්ත ඇති පවුල් ගස් 927ක් අධ්‍යයනයට ලක්කළ බව පර්යේෂකයෝ කියති.

“මෙලෙස පවුල්ගස් අධ්‍යයනයෙන් සොයා බැලුවේ කෙනෙකුට පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් ලැබීමේ දී ඔවුන්ගේ පවුල් ගස්වල සිටින පිරිමි සහ ගැහැනු සංඛ්‍යාව හා සම්බන්ධයක් තිබේ ද යන්න අනාවරණය කරගැනීමයි. පිරිමින්ට වැඩි පුර සිටින්නේ සහෝදරයන් නම් ඔවුන්ට පුතුන් ලැබීමට වැඩි ඉඩක් ඇති බවත් වැඩි පුර සිටින්නේ සහෝදරියන් සිටී නම් දියණියන් ලැබීමට වැඩි ඉඩක් ඇති බවත් මෙයින් අනාවරණය වුණා. මෙය කාන්තාවන්ගේ එනම් මව්වරුන්ගේ සහෝදර සහෝදරියන් අඩු වැඩිවීම මත සම්බන්ධයක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.”ජෙලට්ලි පැහැදිලි කරයි.

පිරිමින්ගේ ශුක්‍රාණුව X හෝ Y වර්ණදේහයක් දරන්නේ ද යන්න මත පදනම්ව ළදරුවෙකුගේ ලිංගිකත්වය තීරණය කරයි. X වර්ණදේහයක් මවගේ X වර්ණදේහය සමඟ සංයෝජනය වී ගැහැණු ළමයෙකු (XX) බිහිකරයි. Y වර්ණදේහයක් මව සමඟ සංයෝජනය වී පිරිමි ළමයෙකු (XY) බවට පත් කරයි.

නිව්කාසල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තවමත් සොයා නොගත් ජානයක් මගින් මිනිසෙකුගේ ශුක්‍රාණුවේ X හෝ ඊට වැඩි Y වර්ණදේහ අඩංගුද යන්න පාලනය වන අතර එය ඔහුගේ දරුවන්ගේ ලිංගිකත්වයට එය බලපාන බවයි. 

පළමු සබැඳිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!