spot_img
spot_imgspot_img

කොරෝනා සුව වී නිවසට යැවූ ගාල්ලේ කාන්තාවක් කොරෝනා නිසා මරුට

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය කාන්තාවක් යළි කොරෝනා ආසාදිතව මිය ගොස් ඇතැයි පෝද්දල හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත් මහින්ද පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නරාවල පන්විල පාරේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.

ඇය සුගිය 18 වැනි දා රෝගීව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව හඳුනා ගැණිනි. ඉන් පසු නිවැසියන් ද නිරෝධානයට ලක්කළ අතර ක්‍රමයෙන් සුව වූ ඇය 30 වැනි දා කරාපිටිය රෝහලේ සිට සිය නිවසට ගියාය.

නිවැසියන්ගේ ද නිරෝධායන කාලසීමාව ජූලි 01 වැනි දා අවසන් ව තිබිණි.

කොරෝනා සුව වී සිටි ය දී ඊයේ (11) අළුයම පැය 00.30ට පමණ ඇය මියගියාය. මරණයෙන් පසු ඇගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යැවූ විට වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ ඇගේ සිරුරින් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

ඇය මියයන අවස්ථාව වනවිටත් කොරෝනා ආසාදිතව සිටි කාන්තාවක් බව පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබිණි.

හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ පසුගිය දිනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කොරෝනා සුව වී සිටි අයකු මියගියහොත් යළි පීසීආර් පරීක්ෂණ නොපවත්වා මරණය ඥාතීන් ලෙස නිදහස් කරන ලෙස උපදෙස් ලැබී තිබුණු බවයි.

එසේ උපදෙස් දී තිබිය දී මෙම සිරුර සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණය අනුව ඇය තවදුරටත් කොරෝනා ආසාදිත අයකුව සිටි බව තහවුරු වීමෙන් මරණ පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශව වෙතින් ලැබී ඇති උපදෙස් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් එක්වී තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!