ගාලු කොටුවේ රතු ගඩොලින් තැන තැන ඉදිකළ පෙට්ටි මොනවාද ? ඒවා කැඩුවේ ඇයි ?

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ලෝකයේ සමුද්‍රාසන්නයේ පිහිටි විශාලතම බළකොටු අතරින් එකක් වීමත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක පාලකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි තවමත් ඉතිරිව තිබීමත් හේතුවෙන් ගාල්ල කොටුව යුනෙස්කෝ ‍ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. එපමණක් නොව තවමත් මිනිසුන් පදිංචි වී සිටින හා සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදුකෙරෙන ලොව ඇති සජීවී ලෝක උරුම අතලොස්ස අතරින් ගාල්ල කොටුවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

මේ දිනවල ගාල්ල කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිතා කළ ආකාරය පිළිබඳවත් නිශ්චිත අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම්කර තිබේ. සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව කොටුවේ සංවර්ධන කටයුතු ද සිදුකෙරෙයි.

ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම සංරක්ෂණ කටයුතු සිදුකරන අතර එයට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ද සිදුවෙයි.

සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ඇවිදින මංතීරු සකසා ඇති ආකාරය

සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස වරලත් වාස්තුවිද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ කටයුතු කරයි.
කොටුවේ පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම ඉස්මතුවන ආකාරයෙන් සැලසුම්කර ඇති මේ ව්‍යාපෘතිය යටතේ සංචාරකයන්ට ගාලු කොටුවේ ඇති වැදගත් කම පෙන්වන විස්තර සහිත පුවරු සකසා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

එවැනි පුවරු සෑම මුර අට්ටාලක ම ප්‍රදර්ශනය කිරීමට ද සැළසුම් කර ඇත. එමෙන්ම කොටුව පුරා පහසුවෙන් ඇවිද යා හැකි පරිදි ඇවිදීමේ මං තීරු ද සකස් කරමින් පවතී.

ඉදිරියේ දී සංචාරකයන්ට කොටුවේ යුදමය හා ගෘහනිර්මාණ ශීල්පීය ලක්ෂණ පිළිබඳ වඩාත් අර්ථාන්විත ලෙස පෙන්වීමට කටයුතු කිරීම සඳහා මේ සියල්ල සිදුකරන බව ආචාර්ය නිලාන් කුරේ පවසයි.

කොටුව නරඹන සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමක් මෙතෙක් සිදුවන්නේ නොමැති නමුත් ව්‍යාපෘතිය අවසාන වීමෙන් පසු, තෝරාගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා මුදල් අයකිරීමට ද සැලසුම්කර තිබේ. ගාල්ල කොටුව, රාත්‍රී කාලයේ විදුලියෙන් ආලෝකවත් කිරීමේ වැඩසටහනක් ද මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය අවසානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

මෙම විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කිහිපයක් පිළිබඳ කොටුවේ පදිංචි පිරිසකගෙන් පසුගිය දිනවල දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මැදිහත් වී එලෙස ඉදිකර තිබූ කොටස් කිහිපයක් කඩා ඉවත් කෙරිණි. මේ පුවතට විශාල ප්‍රචාරයක් ද ලැබිණි.

ප්‍රදීපාගාරය පෙනෙන දුරින් ඉදිකර තිබූ විදුලි මීටර පෙට්ටිය

කොටුවේ පදිංචිකරුවන් පවසන්නේ එක්තරා සමාගමක් පැමිණ ගාල්ලේ කොටුවට කිසිදු අයුරකින් ගැලපෙන්නේ නැති ඉදිකිරීම් රැසක් තැන තැන සිදුකළ බවයි. ඒ පිළිබඳ විමසීමේ දී ඒවා ඉදිකළේ විදුලි මීටර සවිකිරීමට යැයි පැවසූ බව ද ඔවුහු කියති.

ඉදිකිරීම් කරන කම්කරුවන්ගෙන් මේ පිළිබඳ විමසූ විට විදුලි ව්‍යාපෘතියේ ඉංජිනේරුවකු පැමිණ කොටුවේ පදිංචිකරුවන් සමඟ වාදයේ පැටලුණු බවත් එම ඉදිකිරීම සිදුකරන්නේ කොටුවට විදුලිය සැපයීමේ අවශ්‍යතාව මත යැයි පැවසූ බවත් ඔවුහු කියති.

මෙම ඉදිකිරීම කර ඇත්තේ රතුපාට ගඩොල් යොදා ගනිමිනි. කුඩා පෙට්ටියක් ආකාරයට ඉදිකරන මෙහි තුන්පැත්තකින් බිත්ති බැඳ ඇති අතර ඉදිරිපස නිරාවරණය වී තිබේ. කම්කරුවන් පවසා ඇත්තේ කොටුවේ පැරණි ඉදිකිරීම්වලට වඩා වෙනස්ව මෙය දර්ශනය විය යුතු බැවින් මෙලෙස රතු පැහැති ගඩොලෙන් එම ඉදිකිරීම් කළ බවයි.

කොටුවේ පදිංචිකරුවන්ගේ චෝදනාව වන්නේ විදුලිය සැපයීමට බව කියමින් කරන ලද මෙම ඉදිකිරීම් කිසිදු විධිමත් ආකාරයකින් සිදුකර නොමැති බවයි.

තවත් ස්ථානයක ඉදිකර තිබූ විදුලි මීටර පෙට්ටියක්

“මේක නිකම්ම නිකම් ගඩොල් ඉදිකිරීමක්. ගාල්ල කොටුවේ කිසිම දිංචිකරුවෙකුට පොඩි වැසිකිළියක්වත් හදාගන්න දෙන්නේ නැති පුරාවිද්‍යා එකෙන් මේවා හදන්න අවසර දුන්‍නේ කොහොමද කියලා අපිට ගැටලුවක්. සමාගම් ඇවිත් හිතු මතයට ගඩොල් බැමි බඳිනවා. අපිට ගෙදරක පොඩි වෙනස්කමක්වත් කරගන්න බැහැ.” ඔවුහු චෝදනා කරති.

ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය සහ හිරු අට්ටාලයේ ආරුක්කුව අසළ ද මේ අමුතු ඉදිකිරීම සිදුකරන බව ඔවුහු පවසති.

එමෙන්ම පදිංචිකරුවන්ගෙන් ‍නැගෙන තවත් චෝදනාවක් වූයේ ඉදිකර ඇති විදුලි මීටර පෙට්ටි සඳහා විදුලි රැහැන් ඇද ඇති ආකාරය කිසිසේත්ම ලෝක උරුමයකට සුදුසු නොවන බවයි.

හිරු අට්ටාලය අසළ විදුලි රැහැන් කොටුවේ බැම්ම සිදුරුකර ඇද ඇති අයුරු

හිරු අට්ටාලය අසළ විදුලි රැහැන් ඇදීමේ දී එම අට්ටාලයේ පැරණි ආරුක්කුවක් අසළින් කොටු පවුර පවා සිදුරු කර තිබෙණු දැකිය හැකිය.

මේ පිළිබඳ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් කුරේ මෙසේ කීවේය.

ආචාර්ය නිලාන් කුරේ

“කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ එක කොටසක් විදියට ගාලු කොටුව රාත්‍රී කාලයේ විදුලියෙන් ආලෝකවත් කිරීමට නියමිතව තිබෙනවා. එය සිදුකරන්නේ ලෙකෝ ආයතනය විසින්. අපි සාකච්ඡා වට ගණනාවක් තියලා එය සැළසුම් කරලා අනුමැතිය ලබාදුන්නා. එහි දී මේ ඉදිකිරීම සිදුකරන ගඩොල් වර්ගයේ සිට සියල්ල අනුමත කළේ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින්. අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වුණේ මේ සිදුකරන ඉදිකිරීම පරණ ඉදිකිරීමක් ආකාරයට පෙනෙන්නේ නැතිව නව ඉදිකිරීමක් ආකාරයට පෙනෙන ලෙස සැකසීමට. එය කොටුවේ පැරැණි ගෙවල්වලට අලුත් කොටස් එකතු කරන හෝ අලුත්වැඩියා කරන හෝ ආකාරයේ වැඩක් නෙවෙයි. පුරාවිද්‍යාත්මක සංරක්ෂණ වාස්තුවිද්‍යාත්මක ක්‍රමවේද අනුව පිළිගත් ආකාරයෙන් කරපු ඉදිකිරීමක්. කරන දේ අවසන් වෙන්න ඉස්සෙල්ලා විරෝධතාවක් මතුවුණා. මෙය කිසිසේත්ම අනවසර ඉදිකිරීමක් නොවුණත් නරාධිපතිතුමාගේ නියෝගයෙන් දැන් ඒ මීටර පෙට්ටි කඩා ඉවත්කරලා තිබෙනවා.”

නගරාධිපතිගේ නියෝගයෙන් එම ඉදිකිරීම් කඩා ඉවත්කරන අයුරු

මෙහි දී එල්ලවන චෝදනා අතර විදුලි රැහැන් ඇදීමට කොටු පවුර සිදුරු කර ඇති කතාව සම්බන්ධයෙන් විමසූ විට ආචාරය කුරේ කීවේ මෙවැනි අදහසකි.

“අපි මේ සඳහා අලුතෙන් සිදුරු කිරීමක් කළේ නැහැ. 2000 වර්ෂයේ දී ගාල්ල කොටුවේ විදුලි ආලෝක පහන් සවිකිරීමට බට සහ රැහැන් යොදා තිබූ ස්ථානවලින් තමයි මේ රැහැන් යොදා තිබෙන්නෙත්. කොටුවේ වතුර පිටතට යැවීම සඳහා පවා කොටු බැම්ම සිදුරු කර තිබෙනවා. යමක් කිරීම නුසුදුසු නම් ඊට විකල්පයක් තිබිය යුතුයි. අපි විකල්ප ගණනාවක් සළකා බලා තමයි මේ විදියට පැරණි රැහැන් ඇදපු ස්ථාන භාවිතා කළේ.”

සංරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීන් පවසන්නේ ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් ගාලු උරුමය පදනම සහ නගර සභාවේ‍ද සහභාගීත්වයෙන් රැස්වීම් පවත්වන බවයි. එම රැස්වීම සදහා ඇතැම් අවස්ථාවල දී නගරාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු හෝ පැමිණෙන බවත් මෙම විදුලි ව්‍යාපෘතිය පිළිබඳ එම රැස්වීම්වල දී සාකච්ඡා කර ඇති බවත් සංරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීහු කියති.

මේ සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු

“ගාල්ල ‍කොටුවේ ස්ථාන කිහිපයක කොටුවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති ඉදිකිරීමක් සිදුකරමින් තිබෙන බවට පදිංචිකරුවන් චෝදනා කළා. එය නිරීක්ෂණය කළ විට දැනගන්න ලැබුණා මෙය කොටුවේ විදුලි ව්‍යාපෘතියේ මීටර පෙට්ටි සවිකිරීම සඳහා කරන ඉදිකිරීමක් බව. නමුත් බැලූ බැල්මට ම එය සුදුසු ඉදිකිරීමක් නෙවෙයි. ඒ නිසා එහි බැඳ තිබූ ගඩොල් ගලවා ඉවත් කළා. ගඩොල්වලට හානියක් සිදුවෙන්නේ නැති විදියටයි ඉවත් කළේ. ඒ වගේම මම ව්‍යාපෘතියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. අපි එකඟ වී තිබෙනවා මේ ආකාරයේ රතුපාට ගඩොල් නැතිව කොටුවේ භූ දර්ශනයට හානි නොවන ආකාරයට සුදුසු සැළැස්මක් අනුව එම ඉදිකිරීම් යළි සිදුකිරීමට.”

නගරාධිපතිවරයාගේ නියෝගයෙන් එම ඉදිකිරීම් කඩා ඉවත්කරන අවස්ථාවක්

ආචාර්ය නිලාන් කුරේ පවසන්නේ එම ඉදිකිරීම් මේ වනවිට නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නියෝගයකින් ඉවත්කර ඇති බැවින් ඉදිරියේ දී වෙනත් සුදුසු සැළැස්මක් සකස් කර නව ඉදිකිරීමක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

1 COMMENT

  1. Before in the entrance lot of lights fixed on the floor. Never maintain and what happened. So now this should be preserved natural beauty of the Fort Galle. Technology is advanced get the best advice from the Dutch ambassadors office.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: