spot_img
spot_imgspot_img

උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි

පුවත්

විදෙස්

“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

ඔවුන් පවසන්නේ විරුද්ධ මත දැක්වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැලඳී ඇති හෝ එය වැලඳුණු බවට සැකකරන අයෙකුට පමණක් වන අතර ඇප මත නිදහස් කරනු ලබන පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීම නීතිවිරෝධී කටයුත්තක් බව නීතීඥ සංගමය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූළව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා මෙතෙක් තහනම් කර නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විශාල වශයෙන් ජනයා ඒකරාශීවන විරෝධතා වැළැක්වීමට උපදෙස් ලබා දී ම අයථා ලෙස භාවිතා කිරීම වරදක් බව ද නීතිඥ සංගමයේ අදහස වී තිබේ.

පොලීසිය සිදුකරන මෙවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන් කොවිඩ් 19 මර්දනය සඳහා ගනු ලබන ප්‍රයත්නයන් ද අහිතකර ප්‍රතිඵල ඇතිකරනු ඇති බව නීතීඥ සංගමය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්වලින් වැළකී සිටීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ ඒවායේ අරමුණ වන කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිත කරන බවට තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!