spot_img
spot_imgspot_img

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර. සහන සේවා කණ්ඩායම් යොදවයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම හා ලංකාගම ප්‍රදේශයට ඇතිවූ මහ වැසි හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ පවසයි.

ගත වූ පැය 24ක කාලයේ දී ‍එම ප්‍රදේශ ආශ්‍රිතව මිලි මීටර 200 ක පමණ දැඩි වර්ෂාපතනයක් ලැබීම මේ තත්ත්වයට හේතු වී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නෙළුවට මිලි මීටර 193ක වර්ෂාපතනයක් හටගෙන ඇති බවයි.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ මේ වනවිට ගිං ග‍ෙඟෙහි සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බවයි. මේ අතර නෙළුව නගර, තවලම නගරය සහ හිනිදුම නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ද මාර්ග ජලයෙන් යට වී ඇත.

සුළු ගංවතුර හේතුවෙවන් මාවිට, හිනිදුම, දූවිලි ඇල්ල ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ

නෙළුව – මාවිට නැගෙනහිර මාර්ගය, මාවනාන මාර්ගය, දෙල්ලව මාර්ගය, තවලම මාර්ගයේ හබරකඩ පෙරපාසල අසළ සිට පන්සල දක්වා ප්‍රදේශය, තවලම – අකුරැස්ස මාර්ගයේ කැටකැරල්ල ප්‍රදේශය, තවලම – උඩුගම ගඟසිරි අසළ ප්‍රදේශය, නෙළුව හා හිනිදුම පොලිසි අසළ ප්‍රදේශ, හිනිදුම තානායම අසළ, මහාබෝධි වත්ත පාලම අසළ ප්‍රදේශය, කොස්ගහ හන්දිය ප්‍රදේශය මේ වනවිට ජලයෙන් යට වී තිබේ.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ තවදුරටත් වැසි ඇතිවෙමින් පවතින බැවින් ගංවතුර තත්ත්වය අද (10) දිනයේ වර්ධනය විය හැකි බවයි. මේ හේතුවෙන් අනතුරුදායක පහත්බිම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ද ගිං ගඟ සහ එහි අතුගංඟා ආශ්‍රිත ජනතාවගෙන් ආපදා කළමනාරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

ලුතිනන් කර්නල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ අපදා තත්ත්වයේ දී විපතට පත්වන පිරිස් බේරාගැනීම සහ සහන කටයුතු සඳහා නාවික හමුදා කණ්ඩායම් 02ක් හා යුද හමුදා කණ්ඩායම් 02ක් මෙම ප්‍රදේශවලට පිටත්කර යැවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!