spot_img
spot_imgspot_img

විශේෂ තැන්පතු ගිනුම් සඳහා අමතර පොළියක් දෙයි

පුවත්

විදෙස්

විශේෂ තැන්පතු ගිනුම් නැවත ආයෝජනය කිරීම සඳහා තව වසර 02ක් සඳහා අවසර ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ විනිමය සැළකිය යුතු ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කරගැනීමට මෙවැනි විශේෂ තැන්පතු ගිනුම් සතුව ඇති හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත අවම වීම යන කරුණු සළකා බලා මෙම තීරණය ගෙන තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් සමස්ත ආර්ථිකයට ඇතිවිය හැකි ධනාත්මක ප්‍රතිඵල සළකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ සහිතව මෙම තීරනය ගෙන ඇත. එමෙන්ම එලෙස නැවත ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිනුම් රජය විසින් පිරිනමනු ලබන 2%ක් දක්වා වන වාර්ෂික අමතර පොළිය සඳහා ද සුදුසුකම් ලබයි.

කොරෝනා වසංගතයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රියෙල් මස 08 වන දින විශේෂ තැන්පතු ගිණුම් හඳුුන්වාදෙන ලදී. ඒ අනුව, 2021 ජූලි මස 02 වන දින වන විට විශේෂ තැන්පතු ගිණුම්වලට ලැබී ඇති මුළු තැන්පතු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 458කි.

ඉහත කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝග 2021 ජුනි මස 30 දිනැති අංක 2234/19 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත.

තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව, ඉහත සඳහන් කර ඇති තීරණ ක්‍රියාත්මක කිරීිම සඳහා අවශ්‍ය විධාන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නිකුත් කර ඇත.

විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ වැඩි විස්තර විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ www.dfe.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!