spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත්කරණය යළි ආරම්භකරයි

පුවත්

විදෙස්

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන සඳහා ගෙන ආ එන්නත් අවසන්වීම හේතුවෙන් එම වැඩසහනට තාවකාලිකව නවතා දැමූ බව පොලිසියෙන් නිවේදනය කර පිරිසක් ආපසු හරවා යැවූව ද එම ස්ථානයට එන්නත් තොගයක් ලැබීම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන යළි ආරම්භ කර තිබේ.

එහි සිටින මාධ්‍යවේදී නන්දසිරි වැලිගමගේ පවසන්නේ ආරක්ෂක අංශවල පවුල් සාමාජිකයන්ට අමතරව සාමාන්‍ය ජනතාව සිටින පෝළිමක් ද මේ වනවිට විද්‍යාලෝක විද්‍යාල භූමියට ඇතුළුකරමින් සිටින බවයි.

මෙම ස්ථානයේ පැය ගණනක් රැඳී සිටි විශ්‍රාමික රජයේ නිලධාරියකු ද අප අමතමින් කියා සිටියේ එන්නත් අවසන්බවට පොලිසිය නිවේදනයක් කළ ද හමුදා නිලධාරීන් පැමිණ හමුදා පවුල්වල සාමාජිකයන් සිටීනම් පැමිණෙන ලෙස දැනුම් දුන් බැවින් තමන් එම ස්ථානයේ මද වේලාවක් රැඳී සිටි බවයි.

එසේ සිටිය දී එන්නත් තොගයක් ලැබුණු බව පවසමින් හමුදා සාමාජික පවුල්වලට එන්නත් ලබාදීමේ පෝළිමට අමතරව තවත් පෝළිමක් හැදුණු බැවින් තමන් ද ඊට එක්වී එන්නත සවස 3.25ට පමණ ලබාගත් බව ද ඔහු කියා සිටියේය.

දැන් මේ වනවිට එන්නත්කරණ වැඩසටහන යළි ක්‍රියාත්මක කර ඇතත් ඉතා දුරබැහැරින් පැමිණි පිරසක් ද ආපසු හැරී ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!