spot_img
spot_imgspot_img

JAT සහ Selendiva මූලික කොටස් නිකුතුවකට සූදානම් වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනු දෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 47.6කින් ඉහළ ගිය අතර සමස්ත කොටස් මිල දර්ශකය 7801ක් බවට පත්විය.

සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.4කි.

දිනයේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් දායක වූ කොටස් අතර ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 592යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 135යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 63යි වශයෙන් කැපී පෙණිනි.

දිනයේ වැඩි වශයෙන් ගනු දෙනු වූ කොටස් අතර ඩිප් ප්‍රඩක්ට් සමාගම නවලෝක රෝහල සහ රෝයල් සෙරමික් සමාගම කැපී පෙණිනි. සම්පූර්ණ දිනය අවසානයේ විදේශ ආයෝජකයන්ගේ මිල දී ගැනීම් රුපියල් මිලියන 598ක් වූ අතර විදේශ ආයෝජකයන්ගේ සම්පූර්ණ විකිණීම් රුපියල් මිිලියන 610කි. ඒ අනුව ශුද්ධ ලෙස රුපියල් මිලියන 13ක මුදලක් විදේශ ආයෝජකයන් කොටස් වෙළඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

ඔවුන් වැඩිපුර කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 7.7ක්, ආසිරි හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 5.8ක්, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 5.4ක් වශයෙන් ප්‍රධාන විය.

විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12.3ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4.8ක්, ප්‍රීමා සමාගම රුපියල් මිලිනය 3.1ක් වශයෙන් මූලික විය.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමාගම් කිහිපයක මූලික කොටස් නිකුත් කිරීම සම්බන්ධව ආයෝජකයන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත. ඒ අතුරින් වාණිජමය වටිනාකමින් අධික කොළඹ විශාල දේපළ ප්‍රමාණයක් සහ හෝටල් තුනක් පවරා දී පිහිටුවීමට නියමිත සෙලන්දිවා ලෙෂර් සමාගම ජුලි මස 31 වැනි දින වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික කොටස් නිකුතුවක් වශයෙන් ලැයිස්තුගත කිරීමට කටයුතු කරමින් තිබේ.

ඒ අනුව සෙලන්දිවා ලෙෂර් සමාගමේ 49% කොටස් කොළඹ කෙටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කිරීමටත් ඒවා ශ්‍රී ලාංකිකයන් හා විදේශීය ගැනුම්කරුවන්ට කොටස් මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටත් තීරණය කර ඇත. එම සමාගම ලැයිස්තුගත කිරීමේ දී රජයට අයත් දේපළ ලාභ ලබන ව්‍යවසායන් බවට පත්කිරීම සඳහා  සෙලන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම පිහිටුවා ඇති අතර එම සමාගමමේ කොටස් ලෙස සෙලන්දිවා ලෙෂර් සමාගම පිහිටුවා රජයට අයත් ග්‍රෑන්ඩ් හයාට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සහ හිල්ටන් හෝටලය සඳහා ආයෝජකයන් සොයාගැනීම මෙම කොටස් නිකුතුවේ මූලික අරමුණ වී ඇත.

ජූලි මස 20 වැනි දින කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත සමාගමක් වන ජැට් හෝල්ඩින් සමාගම තම සම්පූර්ණ කොටස් එකතුවෙන් 5.3% කොටස් එනම් රුපියල් 27.00 බැගින් වූ කොටස් මිලියන 82.9ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික නිකුතුවක් ලෙස ආයෝජකයන් වෙත නිකුත් කිරීමටත් එය 2021-07-20 වැනි දිනට පෙර මිල දී ගැනීම සඳහා ආයෝජකයන්ට අවස්ථාවව ලැබී ඇත. එමගින් ජැට් හෝල්ඩින් සමාගම මහජනතාවගෙන් එක්රැස්කිරීමට බලාපොරොත්තුවන මුදල රුපියල් බිලියන 2.23කි. මෙම මුදල් ඒකරාශී කිරීම මගින් දකුණු ආසියාවේ තීන්ත වෙළෙඳ පොළ තුළ විශාල අපනයන ආදායමක් හිමිකරගැනීම සමාගමේ අරමුණ වී ඇති අතර මෙම කොටස් නිකුතුව පළමු දිනයේ දී ම අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව අවසන්වනු ඇතැයි ආයෝජකයනගේ විශ්වාසය පළ වී තිබේ.

මූලික කොටස් නිකුතුව සඳහා ආයෝජකයන්ට කොටස් විකිණීම මගින් කොළඹ කොටස් වෙළඳ පොළෙහි සම්පූර්ණ වටිනාකම ඉහළ යන අතර ආයෝජකයන්ට සමාගම්වල කොටස්කරුවන් වීමට ද සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධන මුදල් ලබාගැනීමට ද පහසුකම් සැළසී ඇත.

මෙලෙස මූලික කොටස් නිකුත් කිරීම කොළඹ කොටස් වෙළෙඳ පෙ‍ාළෙහි වර්ධනය කෙරෙහි ඉතා සාධනීය ලෙස බලපාන කාරණයකි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

1 COMMENT

Leave a Reply to Lasitha Wansaja Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!