spot_img
spot_imgspot_img

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක. විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්

පුවත්

විදෙස්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින අත්සන් කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

ඒ හේතුවෙන් රෝහල් රැසක සේවා කටයුතු අඩපණ වී තිබිණි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගර සේවකයන්, විකරණ තාක්ෂණ ශිල්පීන් හා චිකිත්සක සේවා එක්ව තිබිණි.

ඔවුන් පවසන්නේ තම වෘත්තියේ යහ පැවැත්ම සඳහා දිගින් දිගටම කරනු ලබන ඉල්ලීම් 14ක් නොසළකා හැරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළ බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී එක් වෘත්තීය සමිතියක් කියනු ලබන කරුණු මත පදනම්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් වෘත්තීන් පිළිබඳව ද තීන්දු තිරණය ගැනීම බරපතල වරදක් බවත් එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කොරෝනා වසංගතයටත් වඩා දරුණු වසංගතයකට ගොදුරු වී තිබෙන බවත් ඔවුහු පෙන්වාදෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පරිපාලකයන්ට තම ගැටලු ඉදිරිපත්කළ ද එම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අකමැති බවත්, තෝරාගත් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීම හා සාකච්ඡා කළ ද තීන්දුවක් නොලැබීම බරපතල ගැටලුවක් බවද වෘත්තීය සමිති පවසයි.

මෙවැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය අර්බුදයට විසඳුම් සෙවීමට හෙද වෘත්තිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත් බවත් ඒ ආකාරයනේ ම තමන්ට ද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය වෘත්තිය හැර අනෙක් සියලුම වෘත්තීන්ට කෙනෙහෙලි කම් කරමින් දවසින් දවස පීාවට පත්කරන බව ද මේ දෙබිඩි සැළකිල්ල නොකළ යුතු බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් තමන් සමඟග සාකච්ඡා කළ ද ඇය පවසන කරුණු පවා ක්‍රියාත්මක නොවීමේ පසුබිමක් දක්නට ඇති බව ද ඔවුන් පවසයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය එක් තීරණයක් ගන්නා බවත්, අගමැතිවරයා එක් වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කරන බවත් පසුව ලේකම්වරයා ද එක් වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කරන බවත් පවසන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ තම වෘත්තීන්වලට අදාල නිර්දේශ ලබාදීමේ දී හෝ තම වෘත්තීන්ගේ නියෝජිතයන් කැඳවන්නේ නැති බවයි.

එබැවින් අද සහ හෙට දෙදින සංකේතාත්මක ව අත්සන් කර සේවයට වාර්තා නොකිරීමට ඔවුහු තීරණය කර තිබේ. මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්ත ද අත්‍යාවශ්‍ය සහ හදිසි සේවාවන් සියල්ල නොපිරිහෙළා ඉටුකරන බව ද ඔවුහු පවසයි.

මීට අමතරව ලබන මස 08 වැනි දින සිට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට ද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!