spot_img
spot_imgspot_img

කරාපිටියේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයක් වසා දමයි. හෙදියන්ටත් කොරෝනා

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ආසාදිතයන් වෙනුවෙන් සකසන ලද විශේෂ ප්‍රතිකාර ඒකකයක් High-Dependency Unit තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

මෙලෙස එම ඒකකය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කළ හෙදියන් 07 දෙනකු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික පිරිසක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙනි.

පසුගිය 18 වැනි දා මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය ආරම්භ කර තිබිණි.

රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ නේවාසිකව සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගේ කලහකාරී හැසිරීම එම සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා ආසාදනය වීමට හේතුවන්නට ඇතැයි සැකයක් පවතින බවයි.

මෙම ඒකකයේ සිටි ආසාදිතයන් දෙදෙනකු කෑ කෝ ගසමින් ඉතා ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් පාලනය කිරීමට උත්සාහ දැරූ හෙදියන්ට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට පහර දී මුහුණු ආවරණ සහ මුඛ ආවරණ පවා ඉවත්කිරීමට රෝගීන් දෙදෙනා කටයුතු කළ බව කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

ඉන් පසු එම ඒකක‌යේ සේවය කළ හෙදියන් 07 දෙනකු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 02 නකු ආසාදනය වී ඇති අතර එලෙස ආසාදනය වූ එක් හෙදියකගේ දරුවන් දෙදෙනා, මව හා පියා ද ආසාදනය වී සිටිති. තවත් ආසාදිත හෙදියකගේ සැමියා සහ මව ආසාදිත බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ආසාදනය වූ හෙදියන් 06 දෙනකුට ම කොරෝනා මර්ධන එන්නතේ මාත්‍රා දෙකම ලබා දී තිබූ බවයි.

බිළිඳු දරුවකුට මව්කිරි දෙන බැවින් කොරෝනා එන්නත මුල් අවස්ථාවේ ලබානොගෙන සති කිහිපයකට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබාගත් හෙදියක් ද ආසාදිත වී අය අතර සිටියි.

රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. එම සෞඛ්‍ය සේවකයන්ට කොරෝන ආසාදනය වීමට හේතුව මෙම රෝගීන් දෙදෙනාගේ හැසිරීම පමණක් ද නැතිනම් වෙනත් හේතුවක් බලපා ඇත්ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

පැය 24 ම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙහෙස වෙමින් කටයුතු කරන සෞඛ්‍ය සේවක සේවිකාවන් මේ ආකාරයෙන් කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ගේ ක්‍රියාවන් නිසා අනාරක්ෂිතවීමත් විශේෂ ප්‍රතිකාර ඒකකයක් තාවකාලිකව හෝ වසා දැමීමට සිදුවීමත් බරලපතල ගැටලුවක් බවද  රෝහලේ සෞඛ්‍ය සේවකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!