spot_img
spot_imgspot_img

ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් සියලු දෙනා නිදහස්

පුවත්

විදෙස්

ඩී.ඒ. රාජපපක්ෂ අනුස්මරණ කෞතුකාාරය ඉඳිකිරීමේ දී රුපියල් මිලියන 34ට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා ලබා සිටි විත්තිකරුවන් 06 දෙනකු නිදස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02) නියෝගකරනු ලැබීය.

චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලන්නේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇත.

මෙලෙස නිදහස් කරන ලද්දේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා ඇතුළු 06 දෙනෙකි. මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ද නම්කර තිබූ අතර ඔහු ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමෙන් පසු ඔහුට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට අධිකරණය 2019 වර්ෂයේ දී නියම කළේය.

එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයවිය යුතු රුපියල් 33,944,741.60 මුදල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් 2017 වර්ෂයේ ජූලි මස 13 වනදා වන විට ගෙවා අවසන් කර ඇති බවට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි එම සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කපිල ලියනගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීවේය.

එම නඩුවට පාදක වන මුදල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් ගෙවා අවසන් කර ඇති බව එම සංස්ථාව විසින්ම නීතිපතිවරයා දැනුවත් කර ඇති හෙයින් එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(1) වගන්තිය යටතේ තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට පැවසීය.

මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ අනුව එම විත්තිකරුවන් නිදහස් කරන ලෙසය.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ද ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළ අතර අධිකරණය භාරයේ පවතින විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙස නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!