spot_img
spot_imgspot_img

ග්‍රාම නිලධාරීන් සෞඛ්‍ය අධ්‍යක්ෂ‌ගේ උපදෙස් නොතකයි. නිවෙස්වල සිදුවන මරණ PCR නැතිව නිදහස් කළ නොහැකි බව කියයි

පුවත්

විදෙස්

නිවෙස්වල සිදුවන මරණ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත්කර ඇති නව උපදෙස් මාලාව කටයුතු කිරීමට නොහැකික බවත් නිවෙස්වල සිදුවන මරණ PCR නොකර ලබාදීමට නොහැකි බවත් ග්‍රාම නිලධාරීන්ගේ සංගම් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය විසින් එම ලිපි යොමුකර ඇත.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවේ දැක්වෙන ඇතැම් කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

එහි දී මැයි මස 15 සිට 25 වැනි දින දක්වා දින 11 ක දී සිදුවූ මරණවලින් 21.3% නිවෙස්වල සිදුවූ මරණ බව ද එම ලිපිය මගින් අනාවරණය කර තිබේ. එමෙන් ම ජුනි මස 01 දා සිට 12 වැනි දා දක්වා දින 12 දී වාර්තා වූ කොරෝනා මරණ 589 අතරින්න මරණ 120ක් නිවෙස්වල සිදුවූ මරණන බවත් 45ක් නිවසේ සිට රෝහලට රැගෙන යාමේ දී සිදුවූ මරණ බවත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය අවධාරණය කරයි. ඒ අනුව එහි ප්‍රතිශතය 28.01% වේ. ජුනි 13 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ සමස්ත මරණ 57න් 29ක් රෝහල්වල සිදුව ඇති අතර 02ක් රෝහලට ගෙන ඒමේ දී සහ 26ක් නිවෙස්වල සිදුවූ මරණ වෙයි. ඒ අනුව රෝහල්ගත නොවී මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 49.12% වී ඇත.

එමෙන්ම නිකුත් කර ඇති නව උපදෙස් මාලාවේ නිවසක සිදුවන මරණයක් නිදහස් කිරිමේ දී සළකා බැලිය යුතු රෝග ලක්ෂණ පිළිබඳ අංක 04 යටතේ සඳහන් කර ඇති බවත් එහි දක්වා ඇති රෝග ලක්ෂණ දෂ්‍යමාන නොවන අවස්ථාවක දී නිවසක මියගිය පුද්ගලයන්ගේ දේහ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බවත් ග්‍රාම නිලධාරීවරු අවධාරණය කරති. මේ සඳහා ඔවුන් නුවරඑළියේ 37 හැවිරිදි වයසේ පසු වී සියදිවි නසාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිත බව තහවුරු වීම දක්වා තිබේ.

නිවෙස්වල සිදුවන මරණ පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමේ දී ඒවා කොරෝනා ආසාදිත වීමේ ප්‍රතිශතය වැඩි වෙමින් පවතින අවස්ථාවක දී ලබා දී ඇති උපදෙස් ගැටලුකාරී බව ද ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගම් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ 2021 ජුනි 25 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ DDHS/COVID/19/347/2021 දරණ උපදෙස් ලිපිය අනුව නිවසක සිදුවන මරණයක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙතින් නිර්දේශ ලබාගැනීම අනිවාර්ය නොවන්නේ යැයි දක්වා ඇති බවයි.

එම උපදෙස් අනුව මියගිය අයගේ ආසන්න ක්‍රියාකාරීත්වය හා අවට තත්ත්වය මත පමණක් ඔහුට හෝ ඇයට කොරෝනා ආසාදනය වී තිබේදැයි ග්‍රාම නිලධාරීවරයකුට නිරීක්ෂණය කළ නොහැකි බැවින් එවැනි මරණයක් වාර්තා කිරීමෙන් පසු අවසන් කටයුතු සාමාන්‍ය ලෙස සිදුකිරීමෙන් අනතුරුව පවුලේ අය ආසාදිත වුවහොත් මරණයට සහභාගී වන්නන් ආශ්‍රිතයන් වීමේ වගකීම ග්‍රාම නිලධාරීන් මත පමණක් දැරීමට සිදුවන බව ගැටලුවක් බව ද ඔවුන් මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.  

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මාලාව පාදක කරගනිමින් ජාති ආගම් පිළිවෙත් මත මෘත දේහ නිදහස් කරන ලෙස ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක දේශපාලන අධීකාරිය විසින් ග්‍රාම නිලධාරීන්ට අනිසි බලපෑම් එල්ලකරන බව ද ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී මියගිය එක්තැන් වී සිටි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකුගේ මරණයෙන් පසු එම නිවැසියන් ඇතුළු පිපරිසක් කොරෝනා ආසාදිත වූ සිද්ධීයක් ද ග්‍රාම නිලධාරීවරුන් විසින් උදාහරණයට ගෙන ඇත.

ඔවුන් පවසන්නේ කොරෝනා වසංගතය තවදුරටත් දිවයින පුරා ග පසුබිමක නිවෙස්වල සිදුවන මරණ කොරෝනා ආසාදිත නොවන මරණයක් බවට නිගමනය කිරීම සඳහා ග්‍රාම නිලධාරීන් හට ඊට අදාල විශේෂඥ දැනුමක් නොමැති බවයි.

රට පුරා දිනකට මියයන සංඛ්‍යාව 1000කට අඩු ප්‍රමාණයක් බැවින් මියයන සියලු දෙනා සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ පහසු ක්‍රමවේදයක් සකස් කිරීම කළ යුතු බවත් එම දේහයන් ප්‍රමාදයකින් තොරව ඥාතීන්ට භාර දීමට කටයුතු කරන්න යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැවසීම කණගාටුවට කරුණක් බවත් ග්‍රාම නිලධාරීවරු පවසති.

එමෙන් ම මහනුවර ජාතික රෝහලේ මරණ පරීක්ෂකවරුන් පීසීආර් නොකර දේහයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් විශේෂඥ අධිකරණ වෛවද්‍ය එම්.සිවසුබ්‍රමනියම් විසින්  2021.04.05 වැනි දින මහනුවර මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව කරුණු වාර්තා කර තිබේ.

ඔවුන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ ලිපියේ දක්වා ඇත්තේ කොරෝනා තුන්වැනි රැල්ලක් සමාජය තුළ පැතිරයන අවස්ථාවක දී මියගිය අයගේ ඥාතීන් සැනසීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි උපදෙස් ලබාදීම අනුමත නොකරන බවයි.

එබැවින් නිවෙස්වල සිදුවන මරණ පීසීආර් පරීක්ෂණයකින් තොරව නිකුත් කළ නොහැකි යයි දැඩිව අවධාරණය කරන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජී.ජගත් චන්ද්‍රලාල් විසින් නිකුත් කළ ලිපියේ දක්වා ඇත.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ලේකම් එස්.ඒ.අතුල සීලමන්ආරච්චි විසින් නිකුත් කළ ලිපියෙන් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක උපදෙස් මාලාවක් නිකුත්කරන මෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!