spot_img
spot_imgspot_img

නෙළුව පොලිසියට ආ 15 හැවිරිදි දැරිය සිපගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පුවත්

විදෙස්

පැමිණිල්ලක් කිරීම සඳහා නෙළුව පොලිසියට පැමිණි 15 හැවිරිදි දැරියක සිපගත් පොලිස් කොස්තාපල්වරයකු එම පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි.

නෙළුව ඉහළ ගිගුම්මඩුවේ පදිංචි මෙම දැරිය මව සමඟ පොලිසියට 29 වැනි දා පැමිණ ඇති අතර පැමිණිල්ල විභාග කරන බව පවසමින් මවට සහ දියණියට රාත්‍රී වනතුරු පොලිසියේ රැඳී සිටින ලෙස නිලධාරීන් දැනුම් දීම ඇත. අවසානයේ මේ මවට සහ දියණියට පොලිසියේ ම රාත්‍රිය ගතකිරීමට සිදුව ඇති අතර ඒ සඳහා කාමරයක් ද ලබා දී ඇත.

පසුව ඊයේ (30) උදෑසන සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු මේ කාමරයට පැමිණි අවස්ථාවේ මව විදුලි පහන් දැල්වුව ද එය නිවා දමන ලෙස ද පොලිස් නිලධාරියා පවසා ඇත.

මව පවසන්නේ එම අවස්ථාවේ පොලිස් නිලධාරියා තම දියණියගේ හිස දෙවරක් අතගා අඬනවා ද යනුවෙන් විමසූ බවයි. ඉන් පසු එතැනින් පොලිස් නිලධාරියා නික්ම ගිය පසු දොර අඟුළු නොදැමූ බවත් තමන්ට දුරකථන ඇමතුමක් පැමිණි බවත් ඇය පවසන්නීය. ඒ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා පැමිණ කෝල් එක ගන්න එහා පැත්තට යන්න යනුවෙන් පැවසූ බැවින් එතැනින් මදක් ඉවත්ව වීදුරුවෙන් ඇතුළත වන දේ බලාගෙන දුරකථන ඇමතුම ගත් බව ද මව පවසයි.

“ ඒ වෙලාවේ ඔහු මගේ දුව ළඟට ගියා. ඔළුව අතගෑවා. මූණ ඉම්බා. මම එකපාරටම කෑ ගැහුවා මොනවද ඔය කරන්නේ කියලා” යැයි ඇය කියන්නීය.

මෙම දැරියගේ පියා පවසන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව දැරිය රඳවා ගැනීමෙන් බරපතල වරදක් කර ඇති බවයි. එමෙන්ම නීතිය රකින ආයතන මෙලෙස කටයුතු කිරීම බරපතල වරදක් බවත් ඔහු පවසයි.

මෙම දැරිය සමඟ මිත්‍ර වී සිටි තරුණයකු විසින් දැරියට කරන ලද අතවරයකින් පසු ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින ලද බව පවසමින් දැරිය කිහිපවරක්ම ගෙන්වාගත් එම තරුණයා මීට පෙර දිනක දෙමාපියන් විසින් අල්ලා පොලිසියට භබාර දී තබිණි.

නෙළුව පොලිසිය විසින් දැරිය පොලිසියට ගියේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් දැමීමට බව ද දෙමාපියෝ කියති.

පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත්කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!