එංගලන්තය පහසුවෙන්ම එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී

පුවත්

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන...

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)

දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ...

විදෙස්

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරඟයෙන් කඩුළු 05 පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

ආරම්භයේ පටන් ආගාධයට ඇද වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට කුසල් හා වනිඳු සමත්වුව ද 42 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට ලබා සිටියේ ලකුණු 185ක් පමණි.

කාලයකට පසු කණ්ඩායමට එක් වූ ජෝ රූට් ගේ ඉනිමෙන් සවිමත් වූ එංගලන්තය පන්දු 91ක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රාහී ලකුණ ලබාගත්තේය. ජෝ රූට් සිය 150 වැනි එක්දින තරඟයේ දී පන්දු 87කින් ලකුණු 79ක් ලබාගත්තේ හතරේ පහර 04ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

එංගලන්ත කණ්ඩායමට ජොනී බෙයාර්ස්ටෝ සහ ලියම් ලිවිංග්සටන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 29කින් ලකුණු 54ක් ලබාගත්තේ ඉක්මණින්ම තරඟය අවසන් කරන බවට පෙරනිමිති පළ කරමිනි. බෙයාර්ස්ටේා පන්දු 21කින් ලකුණු 43ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 06ක් එල්ලකරමිනි. ලිවිංග්ස්ටන් ඒ අතර පන්දු 12කට මුහුණ දෙමින් ලබ‍ාගෙන තිබුණේ කුණු 09ක් පමණි.

දුෂ්මන්ත චමීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් යළි තරඟයට අවතීර්ණ වූයේ එංගන්ත පිතිකරුවන් නොසිතූ ලෙස පසු පාදයට ඇද දමමිනි. නමුත් අත්දැකීම්වලින් ප්‍රයෝජන ගත් ජෝ රූට් මොයින් අලි සමඟ එක්ව ඉවසිලිවන්තව කඩා වැටීමේ අවදානමට ලක්වූ ඉනිම යළි ගොඩනැගුවේය. දුෂ්මන්ත චමීර තම තුන්වැනි කඩුල්ල ලෙස මොයින් අලි දවාගත්ත ද ඒ වනවිට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පෙනෙන තෙක් මානයක තිබුණේ නැත.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත්කිරීම‍ හේතුවෙන් සහ අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා දෙදෙනා ආබාධයට ලක්වීමත් හේතුවෙන්න කණ්ඩායමේ ක්‍රීඩකයන් 05 දෙනකුගේ දායක්තවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවිය. මේ හේතුවෙන් චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම තිදෙනාට එක්දින වරම් හිමිවිය.

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චරිත් අසලංක ලකුණු නොලබාද දසුන් ශානක ලකුණු 1 කටද දැවී යෑම නිසා ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 46 දී බිඳ වැටිණි. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් පන්දුවට පහර දුන් කුසල් පෙරේරාට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවයක් එක් කරමින් ලකුණු පුවරුව ශක්තිමත් කළ ද වනිඳුගේ දැවීයාමෙන් පසු කිසිදු පිතිකරුවකුගෙගන් කුසල් ජනිත් හට අවශ්‍ය සහය ලැබුණේ නැත.

වනිඳු හසරංග පන්දු 65 කට මුහුණ දෙමින් ලකුණු 54 ක් රැස් කළේය. මෙය ඔහුගේ දෙවැනි අර්ධ ශතකයයි.

වෝක්ස් එවන ලද කෙටි පන්දුවට හසරංග විසින් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා ස්ක්වෙයාර් ලේග් කළාපය වෙත ගිය උඩ පන්දුව විශිෂ්ඨ ලෙස ලිවිංග්ස්ටන් රැක ගත්තේය. එතෙක් වෙලා හොඳ තත්ත්වයක තිබූ සිටි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ම ලකුණු 40 ක් තුළදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතර දුවද්දී දැවී යෑම් 2 ක්ද සටහන් විය.

08 වැනි කඩුල්ල ලෙස දැවී යන විටත් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරගෙන ශ්‍රී ලංකා නායකයා පන්දු 81 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ හතරේ පහර 7 ක්ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පන්දු යැවීමේදී වෝක්ස්ට අමතරව ඩේවිඩ් විලී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත් අතර තරගයේ වීරයා සම්මානයෙන් ක්‍රිස් වෝක්ස් පිදුම් ලැබීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (01) ලන්ඩන්හි කෙනිංන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි...

මානව වංශකතාව වෙනස් කළ, බණ්ඩාරවෙල නගරය ලෝකයේ ම අවදානයට ලක්වෙයි

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...

Expo Lanka වටිනාකම බිලියන 400 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් Expo Lanka සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 400 ඉක්මවා අද (22) වාර්තා විය.

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා සෑදී මරුට

යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. සභාපතිවරයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!