spot_img
spot_imgspot_img

නීති විරෝධී සිගරැට් තොගයක් ගාල්ලෙන් අල්ලයි

පුවත්

විදෙස්

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරැට් තොගයක් සමඟ සැකකරුවකු ගාල්ල ඔසනගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටළීම සිදුකරන අවස්ථාවේ ඔහු සතුව සිගරැට් 1960ක් ද තිබී ඇත. මෙම වැටලීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමඟ ගාල්ල පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් ද එක්වූ අතර සිගරැට් තොගය ‍සමඟ සැකකරු ගාල්ල මූලස්ථාන පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!