spot_img
spot_imgspot_img

විදේශයක සිට පැමිණෙන අයට ඇති නිරෝධායන නීති වෙනස් වෙයි

පුවත්

විදෙස්

විදේශ රටවල සිට පැමිණෙන පුද්ලයන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය යළි සංශෝධනය කිීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.

නව සංශෝධනය ජූලි මස 01 සිට 31 වැනි දා දක්වා ක්‍රියාත්මකවන බව ද සඳහන් කර ඇත.

ඒ අනුව විදේශගතවී සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන්, නාවික කටයුතු නිලධාරීන්, සංචාරකයන් සහ විදේශිකයන් සඳහා මෙම රෙගුලාසි පනවා තිබේ.

එන්නත් කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන්

  • මෙරටට පැමිණි වහාම සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණයකින් පසු නිරෝධායනය සඳහා හෝටලයකට හෝ මධ්‍යස්ථානයක් වෙත යොමුකරයි
  • දින 11-14ත් අතර දෙවැනි පීසීආර් පරීක්ෂණයක් සිදුකර කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු කරන්නේ නම් දින 14 අවසානයේ නිරෝධායනයෙන් මුදාහරිනු ලැබේ
  • ආසාදිතයකු බව තහවුරු වන්නේ නම් අතරමැදි මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුළත්කරනු ලබයි

එන්නත්කරණය සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන්

  • පැමිණි වහාම පීසීආර් පරීක්ෂණයක් සිදුකරන අතර එහි දී ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිරෝධායනයට යොමුකරයි.
  • දින 14ට පසු කරන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායනයට අවසන් කරනු ලැබේ.

විදේශිකයන් පැමිණීමේ දී

  • මෙරටට පැමිණි වහාම සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුමත කරනු ලබන නිරෝධායන මධයස්ථානයකට හෝ හෝටලයකට යොමුකරනු ලබයි.
  • ආසාදිත නොවන බව එම පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණහොත් දින 11-14ත් අතර කාලයේ දී සිදුකරන දෙවැනි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන අතර එමගින් ද ආසාදිත නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ දී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදාහැරීමට කටයුතු කරයි
  • යම් පීසීආර් පරීක්ෂණයකින් විදේශිකයන් ආසාදිත බව තහවුරු වුවහොත් අතරමැදි මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමුකිරීම සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!