spot_img
spot_imgspot_img

වවුලන් ඇතුළු සතුන් අතර කොරෝනා තිබෙන පුවත බොරුවක් යැයි පශු වෛද්‍යවරු කියති

පුවත්

විදෙස්

වවුලන්ගෙන් කොරෝනා බෝවීමක් සිදුනොවන බවට රජයේ පශු වෛවද්‍ය නිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබේ.

සිකුරාදා (25) අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සඳහන් වූයේ “ලංකාවේ වවුලන්ටත් කොරෝනා” යනුවෙනි. මෙ පුවත දුටු වහාම එය සාවද්‍ය පුවතක් බවත් කරුණු විකෘත්ති කර පළකරන ලද්දක් බවත් rata.lk අපි ජනතාව හමුවෙ අනාවරණය කළෙමු.

එම පුවත අසත්‍යයක් බව අප විසින් පළකරන ලද ලිපිය මෙතැනින්

එසේ වුව ද අරුණ පුවත්පතේ පළ වූ එම සාවද්‍ය පුවත උපුටා දක්වමින් විවිධ මාධ්‍ය යළි යළිත් එය ප්‍රචාරය කරන ලද්දේ එය වඩාත් ජනතා අවධානය දිනාගත හැකි පුවතක් බැවිනි.

කොළඹ විශ්වවිද්‍යාලය කරනු ලබන පර්යේෂණයක දත්ත ලබාගනිමින් ඒවා විකෘති කරමින් මෙම පුවත ප්‍රචාරය කෙරිණි.

අවසානයේ ඊයේ රාත්‍රී ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති විකාශවලින් ද ප්‍රචාරය කෙරුණේ සතුන් අතර කොරෝනා වයිරසය තිබෙන බවයි.

මේ පිළිබඳ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වයිරසය බෝවන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නැති බවයි. එබැවින් වවුලන් ඇතුළු සතුන්ට අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවත් ඔවුන්ට හිංසා නොකළ යුතු බවත් පශු වෛද්‍යවරු අවධාරණය කරයති.

1930 වර්ෂයේ පටන් සතුන්තුළ ඇති විවිධ වයිරස ගැන අධ්‍යයනය කරන අතර කොරෝනා වයිරස කාණ්ඩයේ වයිරස ප්‍රබේද රාශියක් සතුන්තුළ තිබී හමුවී ඇති බවත් එම වෛද්‍යවරු පෙන්වා දෙති. මේ වනවිට ලෝකය පුරා වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය මෙරට සතුන් තුළින් හමුවී නැති බව ද ඔවුන් පවසයි.

වවුලන් පළතුරු ආහාරයට ගන්නා බැවින් පළතුරු ආහාරයට ගැනීමෙන් තමන්ට ද කොරෝනා වයිරසය ඇතිවේදැයි සැක නොසිතන ලෙස ද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

සතුන් පිළිබඳ කරනු ලබන පර්යේෂණවලින් අනාවරණය වන සාමාන්‍ය කරුණු අති‍ශයෝක්තියෙන් වාර්තා කිරීමෙන් වළකින ලෙස ද පශු වෛද්‍යවරුන්ගේ සංගමය වගකිවයුතු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

එම මාධ්‍ය නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!