spot_img
spot_imgspot_img

කට රැක නොගත්තොත් ජීවිතයම ඉවරයි. බැක්ටීරියාවලින් පිරුණු කට රැක ගනිමු

පුවත්

විදෙස්

මිනිස් මුඛයේ ජීවත්වන බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍රජීවීන් පිළිබඳ සවිස්තරාත්මකව කරුණු දක්වමින් මානව මුඛ කුහරය, දත් පිරිසිදු කිරීම හා බැක්ටීරියා විනාශ කිරීම සඳහා විෂබීජ නාශක බුද්ධිමත්ව භාවිතා කරන ලෛස ඇමෙරිකාවේ දන්ත වෛද්‍ය විලෝබ් මිලර් අදින් වසර 130කට පෙර ඉල්ලා සිටියේය.

මිලර්ගේ කෘතිය “ගල් යුගයේ සිට නූතන විද්‍යාව දක්වා වූ පියවරක්” බව Caries Research දන්ත සඟරාවේ හිටපු සංස්කාරක ක්ලවුස් කනිග් පවසයි. එම පරයේෂණය මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගෝලීය ව්‍යාපරයක් ඇතිකිරීමට උපකාරී වූ බව ද ඔහු සඳහන් කර ඇත.

වෛද්‍ය මිලර් එකල කියා සිටියේ මුඛයේ ජීවත්වන බැක්ටීරියා මුඛ සෞඛ්‍යයට සෘජුවම බලපාන අතර එය මානවයාගේ පුද්ගලික සෞඛ්‍යයට ද බලපෑම් එල්ලකරන බවයි. මුඛයේ ක්ෂුද්‍රජීවීන් වර්ධනය වනවිට ඒවා දත් හා විදුරුමස්වලට අනුගතවන ඵලකයක් ලෙස හැඳින්වෙන අතර දැඩි මැලියම් සහිත ජෛව ආවරණයක් සාදයි. එමෙන්ම ක්ෂුද්‍රජීවීන් විසින් දත් කුහර සාදන අම්ල නිපදවීම ද සිදුකරයි. ඒවා රෝග සෑදීමට ද ඉවහල් වෙයි.

මුඛයේ සිටින ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් විදුරුමස් සහ දත් අතරින් පහළට රිංගා පටක තුළට ඇතුළු වී එම පටක ආහාරයට ගනී. එම බැක්ටීරියා විෂ සහිත ප්‍රෝටීන ද පිටකරයි. මේ හේතුවෙන් සිරුරේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය අනුව විදුරුමස් රතු වී, ඉදිමී ඇතැම් විට ලේ ගැලීම ද සිදුවේ.

දන්ත විද්‍යා පර්යේෂකයන් පවසන්නේ මේ තත්ත්වය නැතිකරගත හැකි බවයි. නමුත් ලෝක‍ ජනගහනයෙන් අති බහුතරයක් මෙය නොසලකා හරිනු ලැබේ. මෙම රෝග කාරක අධ්‍යයනය කරන ලුයිස්විල් විශ්වවිද්‍යාලයේ පර්යේසකයකු වන ලැමොන්ට් පවසන්නේ “අපට වේදනාවක් නොමැතිනම් එහි ක්ෂණික ප්‍රතිවිපාකයක් නොපෙන් නම් මෙය මර්ධනය කිරීමට උනන්දුවක් නොදක්වන බවයි.”

නමුත් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට පත්විය හැකි දෙයකි. විදුරුමසට හානි සිදුවී හකු අස්ථි හා දත් අතර සම්බන්ධතාව ද ගිලිහී දත් ගැලවීයාමට ඉඩ තිබේ. “ඔබේ මුඛය ආසාදනය වීමටත් දිගු කාලීන අහිතකර ප්‍රතිවිපාක ඇතිවීමටත් එය හේතුවනු ඇත.” යැයි ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් හි සෞඛ්‍ය ආරක්ෂණ පර්යේෂණ මධයස්ථානයේ ජ්‍යේෂ්ඨ අධයක්ෂ ආරොන් බිස්බ්‍රොක් පවසා තිබේ.

එපමණක් නොව මෙය දෙවැනි අදියරේ දියවැඩියාව, හෘද නාලිකාවල ඇති අවහිරතා, නිදන්ගත වකුගඩු ‍රෝගය සහ වෙනත් ඉන්ද්‍රියයන් ගණනාවක් හා සම්බන්ධ බව ද පර්යේෂකයෝ කියති. මේ අහිතකර ප්‍රතිඵල වළලක්වා ගැනීමට හදිසි ප්‍රතිකාරයක් නොමැති අතර හොඳ මුඛ ආරක්ෂක පුරුදු තමන්ට ඇති හොඳම ආරක්ෂාවයි.

දිනපතා දත් මැද පිරිසිදු කිරීම, ප්‍රති ක්ෂුද්‍රජීවී දන්තාලේප භාවිතය සහ මුඛය සේදී සහ වසරකට අවම වශයෙන් දෙවරක් හෝ දන්ත පරීක්ෂාවක් කරගැනීම අත්‍යාවශ්‍ය වේ. නමුත් මිලර්ගේ කාලයේ සිට ගත වූ වසර 130 දී මුඛ සෞඛ්‍යය පිළිබඳ විද්‍යාව විශාල දියුණුවක් ලබා ඇත.

සිදුවිය හැකි හානිය පාලනය කරන්නේ කෙසේ ද ?

මෙය පාලනය කිරීමටනම් මුඛයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කළ යුතුයැයි හාවඩ් විශ්වවිද්‍යාල‍යේ මුඛ වෛද්‍ය මහාචාර්ය සහ ෆෝසයිත් ආයතනයේ පර්යේෂක ටොම් වැන් ඩයික් පවසයි.

පළමුවෙන් ම එයින් අදහස් කරන්නේ දත් මැදීමයි. අවම වශයෙන් දිනකට දෙවරක් මිනිත්තු දෙකක් බැගින් දත් මැදීම කළ යුතුය. ඇමෙරිකාවේ දන්ත වෛද්‍ය සංගමය කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇමෙරිකාවේ වැසියන්ගෙන් එම උපදෙස් පිළිපදින්නේ 69% ප්‍රමාණයක් බවයි. මේ සඳහා මෘදු දත් බුරුසුවක් වඩාත්ම සුදුසු වන අතර කරකැවෙන හෝ දෝලනය වන විදුලි බුරුසුවක් වඩාත් සුදුසු බව ද මහාචාර්ය සල්මේ ලැවිග්නෙ පවසයි.

මෙම සමීක්ෂණයේ දී විදුලි බුරුසු ලබා දුන් පුද්ගලයන්ගේ දත් මාස තුනකට පසු අන් අයගේ දත් හා සන්සන්දනය කිරීමේ දී තහවුරු වී ඇත්තේ සාමාන්‍ය බුරුසු භාවිතා කළ අයට වඩා මෙම විදුලි බුරුසු භාවිතා කළ අයගේ විදුරුමස් හානිවීම 50%කින් අඩුවී තිබූ බවයි.

පර්යේෂකයන් පවසන්නේ මෙලෙස දත් මැදීම ප්‍රමාණවත් නොවන බවයි. ද‍තේ දෙපස පිරිසිදු කිරීමෙන් විදුරුමස් ආරක්ෂා කරගැනීමට නොහැකිය. විදුරුමස් විනාශවීම සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ දත් අතර අවකාශයන්හි සිරවී ඇති ආහාර සහ ක්ෂුද්‍ර ජීවීන්ට සුදුසු කොටස් හේතුවෙනි.

මුඛ සනීපාරක්ෂක නිෂ්පාදන පිටුපස ඇති විද්‍යාව

මුඛ සෞඛ්‍ය සඳහා වඩාත් ඵලදායී කාර්යය වන්නේ 1873 වර්ෂයේ දී දන්තාලේප මහා පරිමානයෙන් නිෂ්පාදනය ආරම්භ කිරීමයි. එසේ නිෂ්පාදනය කරන ලද දන්තාලේප සම්බන්ධයෙන් අඛණ්ඩව සිදුකරන පර්යේෂණ, නව සංයෝග හඳුනාවදීය සිදුකරයි. එමෙන්ම විදුරුමස් රෝග වළක්වාගැනීමට ද මෙම දන්තාලේප උපකාරී වෙයි. 2019 වර්ෂයේ දී සිදුකළ පර්යේෂනයකින් අනාවරණය වී ඇත්තේ දන්තාලේප මගින් විදුරුමස් රුධිර වහනය 51%කින් අඩුවන බවයි.

දන්ත වෛද්‍යවරයාගේ වැදගත්කම

වසරකට දෙවරක් අවම වශයෙන් දන්ත පරීක්ෂාවක් කරගත යුතුය. මේ සඳහා කරනු ලබන සුළු වියදම අනාගතයේ දී ඔබට සිදුකිරීමට වන විශාල වියදමක් වළක්වාලන අතර දීර්ඝකාලීන වේදනාවන් ඇතිවීම ද වළක්වාලයි.

දතක ඇතිවන කුඩා සිදුරු පිරවීමට හැකිය. විදුරුමසට සිදුවන හානිය මුල් අවදියේ දී හඳුනාගත හොත් එය වළක්වාගත හැකිය. ඔබ තේරුම්ගත යුතුම දෙය නම් හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට නම් නිතිපතා හොඳ පුරුදු අවශ්‍ය බවයි. අහිමිවන සෞඛ්‍ය යළි යථා තත්ත්වයට පත්කරනවාට වඩා සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යාමට ඔබට පහසුය.

ඔබගේ සිනහවේ සුන්දරත්වය පවත්වාගෙන යාමට හැකියාව ඇත්තේ ඔබටම පමණි

https://www.scientificamerican.com/custom-media/a-scientific-approach-to-cleaning-your-mouth/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!