spot_img
spot_imgspot_img

ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ.

ඉතා කඩිනමින් තම රටේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුකළ ඊශ්‍රායලයේ ජනගහණයෙන් 70%කට වඩා එන්නත් කර තිබුණ ද ඉන්දියාවේ ඩෙල්ටා වයිරස ප්‍රභේදය මේ වනවිට එරට නව කොරෝනා රැල්ලක් නිර්මාණය කරමින් පැතිරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් වඩාත් වේගයෙන් පැතිරෙන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයට නිරාවරණය වන එන්නත්කරණ සම්පූර්ණ කළ පුද්ගලයන් පවා නිරෝධායනයට යොමු කිරීම සඳහා එරට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

ඊශ්‍රායලයේ එන්නත්කරණය සාර්ථකව සිදුකෙරුණු බැවින් මුහුණු ආවරණ අවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය බලධාරීන් පසුගිය මැයි මාසයේ දී නිවේදනය කළේය. එසේ වුවත් මේ වනවිට පැතිරෙමින් පවතින  කෙ‍ාරෝන රැල්ල හේතුවෙන් ගෘහස්ථ පරිසරයන් තුළ පවා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට කටයුතු කර ඇත.

ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නව කොරෝනා රැල්ලේ ආසාදිතයන්ගෙන් 90%ක් ම ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය බවයි. මෙවර ආසාදනය වූ වැඩිහිටියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටි අය බව ද ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරතිබේ.

මේ අතර කොරෝනා වසංගතය ඉතා හොඳින් පාලනය කළ රටක් ලෙස හඳුන්වන ජර්මනිය ද ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ගොදුරුවෙමින් සිටින රටකි. ඉදිරි මාසයක හෝ දෙකක කාලයේ දී ඩෙල්ටා ප්‍රභේදය ජර්මනියේ වේගයෙන් පැතිරයනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර  ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් පැතිරීම හේතුවෙන් යළි මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෙසු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් එන්නත් කරන ලද ජනතාවගෙන් ඉල්ලා ඇත.

ඩෙල්ටා විකෘතිය මේ වනවිට ලොව රටවල් රැසකට ව්‍යාප්තවී ඇති අතර, ලෝක සෙඛ්‍ය සංවිධානයට අනුව, ලොවට තර්ජනයක් කළ හැකි බිහිසුණු වෛරස විකෘති ප්‍රභේදය වන්නේ ද එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!