spot_img
spot_imgspot_img

අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන ‍වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නොකළහොත් මෙය ව්‍යාප්තවීම වැළැක්විය නොහැකි බව ද ඇය පවසයි. මෙය ඉතාමත් භායානක තත්ත්වයක් බව ද ඇමතිවරිය පෙන්වාදුන්නාය.

ඇය පවසන්නේ මේ ‍වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් ද ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බවයි. සති 08ක් 10ක් යන විට එය රටේ පැතිරෙන සියළුම ප්‍රභේද අභිබවා ප්‍රධාන ප්‍රභේදය බවට පත්විය හැකි බව ඇය පවසන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!