spot_img
spot_imgspot_img

අම්බලන්ගොඩ පාරේ වැටී මියගිය පුද්ගලයාට කොරෝනා

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ තිලකපුර දී මහ මඟ ඇදවැටී ඊයේ (24) මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර රෝහලට ගෙන යාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

වියළි සළාක ලබාදීමේ අවස්ථාවකට ගොස් එම ආහාර රැගෙන නිවසට එමින් සිටිය දී ඔහු මෙලෙස තිලකපුර ජල ටැංකිය ප්‍රදේශයේ සිය නිවස ආසන්නයේ දී ඇද වැටී තිබිණි.

64 හැවිරිදි වියේ පසු වූ තම පියා හදිසියේ ම ඇද වැටීමත් සමඟ එම ස්ථානයට ගිය පුතුන් දෙදෙනා පියාට කෘතිම ශ්වසනය ලබා දී ඇතත් ඔහු මියගොස් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!