spot_img
spot_imgspot_img

ගාල්ල නගරය ආසන්නයේ කසිප්පු තිප්පොළක් වටලයි

පුවත්

විදෙස්

ගාල්ලේ මහමෝදර වැල්මුරුංග කලපුව ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාන කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල‍ පොලිසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් පරිදි විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීමසිදුකර තිබිණි.

එහි දී කසිප්පු ලීටර 320ක්, බැරල් 08ක්, තඹ දඟර 04ක්, ගෑස් සිලින්ඩර 02ක් සහ ගෑස් ලිප් 02ක්, ලීටර 45 ප්ලාස්ටික් බුලි 08ක් ඇතුළු ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම කසිප්පු ජාවාරම කාලයක සිට හොර රහසේ ම පවත්වාගෙන ආ බවට තොරතුරු තිබෙන බවයි.

1 COMMENT

  1. පට්ට බොරුනෙ,ගාල්ලෙ පොලීසියට කිලෝමීටරයක් දුරින් කාලයක් තිස්සෙ කසිප්පු පොට් එකක් පවත්වන්න බෑ.ඕක ඇල්ලුවෙ වෙන හේතුවක් නිසා වෙන්න ඕන.ඔය වැඩේ කරන උං හෙටත් ඔතනම ඕක කරනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!